සෝවියට් මෙට්‍රො

පහළ පින්තූරෙ තියෙනව නේද රතු පාට පසුබිමේ M අකුරක්?

මම උස්බෙකිස්ථාන් ගියේ මෙලෝ හසරක් නොදැන. කිසිම දෙයක් හොයල බලල නෙවෙයි. පුංචිම කාලෙ ඉඳන් පුදුම උණක් තිබුණා පරණ සෝවියට් රටක් බලන්න යන්න.

හැබැයි උස්බෙකිස්ථාන් කියන්නෙ ඔය කිසිම සෝවියට් කතාවක කියවෙන නමක් නෙවෙයි. මම උස්බෙක් ගැන කිසිම දෙයක් නොදැන හිටිය එක පුදුමයක් නෑ.

මම ගියේ මෙන්න මෙහෙම නගර ටිකක් තියෙනවා, ඒ අතර යන්න කෝච්චියක් තියෙනවා, ඒක බුක් කරන්න ඕන කියල සුබෝද මලය කිව්ව ටික විතරක් අහල. ඌ මට කිව්වෙ නෑ මොනවද එහේ බලන්න තියෙන්නෙ කියලා. ඌ මට කිව්වෙ හෙනම vague විස්තරයක්. මට ඕනකමක් තිබුණෙත් නෑ එකින් එක අහන්න. මට ඕන වුණේ පරණ සෝවියට් රටක experience එක ගන්න විතරයි. මම කිසිම බලාපොරොත්තුවක් නැතුව ගියේ මොනවා දකින්න ලැබෙයිද කියල.

එහෙම ගිහින් හොයාගත්ත නිධානයක් තමයි මේ තියෙන්නෙ. මම කොහේ ගියත් ඒ රටේ ප්‍රධාන කෞතුකාගාරය බලන්න යනවා. මම ඉතින් ටෂ්කෙන්ට් ගියාම මුලින්ම බැලුවෙ කොහෙද මියුසියම් එක තියෙන්නෙ කියලා. ඒක මැප් එකේ බැලුවෙත් එහේ ගිහින්. මම ඉතින් මැප් එකේ landmarks වැඩියෙන් තියෙන පාර තෝරගෙන ඔහේ ඇවිදන් ගියා.

ඒ යද්දි, 1966 භූමිකම්පාව වෙනුවෙන් පිහිටවපු ස්මාරකය, උස්බෙක් සෝවියට් ජනරජයේ 50 වෙනි සංවත්සරයට හදපු ස්මාරකය, තව අටෝරාශියක් පරණ සෝවියට් ගොඩනැගිලි, පාරවල්, ස්මාරක අතරින් ගිහින් මම කලින් පෝස්ට් එකක දාපු නාඳුනන සොල්දාදුවාගේ සොහොන හම්බුණා.

එතන පැය දෙක තුනක් විතර ගත කරල එළියට බැස්ස එතන තිබුණ පාක් එකේ පිටිපස්සෙන්. මාව ගිහින් වැටුනෙ නිදහස් චතුරස්‍රයට. ඉස්සර කියල තියෙන විදියට නම් ලෙනින් චතුරස්‍රයට. එතන ඉස්සර ලොකු ලෙනින් පිළිරුවක් තිබිල තියෙනවා. ඒත් උස්බෙකියො රුස්සො එක්ක මළ නිසා උන් සෝවියට් සංගමයෙන් අයින් වුණ තමන් ඒක අයින් කරලා.

කොහොම හරි එතන ටිකක් කැරකිලා මියුසියම් එක පැත්තට යන්න කියල ලෑස්ති වුණා. ඒකට නිදහස් චතුරස්‍රය ඉස්සරහ පාර පනින්න ඕන. මංතීරු 6ක් හරි 8ක් හරි තිබුණ පාරක්. උමං මාර්ගයක් තිබුණ එහා පැත්තට යන්න. ඒකට බහින තැන තමයි මේ M අකුර තිබුණේ. ඒකෙ දැකපු ගමන් ඒකෙ තේරුම මගේ මොළේ ඇතුළට කිඳා බැස්සෙ අකුණක් ගහනව වගේ. යකෝ සෝවියට් මෙට්‍රො එකක්!!!

ඔව් ඔව් සෝවියට් මෙට්‍රො එකක්!!! මම දැනන් හිටියෙ නෑ ටෂ්කෙන්ට් වල මෙට්‍රො එකක් තියෙනව කියල. සෝවියට් මෙට්‍රො ගැන අහල දැකල තියෙන අය දන්නව ඇති ඒවා ඇතුළෙ හරියට තරු පහේ හෝටල් වගේ. තනිකර පිස්සුවක්. රුසියන් ඒවා තරම් නැතත් පිස්සු හැදෙන මෙට්‍රෝවක් ටෂ්කෙන්ට් මොට්‍රෝව. මම කලින් ඇල්බම් එකක්ම දැම්ම ඇතුලෙ ෆොටෝ. කැමති නම් ගිහින් බලන්න ලින්කුව දාන්නම් කමෙන්ට් වල.

පලි: ආ පොඩි දෙයක්. සෝවියට් මොට්‍රො ස්ටේෂන් වල ෆොටෝ ගන්න තහනම්. මොකද අවශ්‍යතාවයක් වුණොත් ඒවා න්‍යෂ්ටික යුද්ධයකදී ආරක්ෂිත බංකර් විදියට පාවිච්චියට ගන්නත් එක්කයි හදල තියෙන්නෙ. ඒ නිසා ඒ ස්ටේෂන් හමුදාවට අයත් ස්ථාන ලෙසයි සලකන්නෙ. පළවෙනි දවසෙ ඔය නිසා මම ෆොටෝ ගන්න ගියේ නෑ ඔය කතාව කලින් අහල තිබුණ නිසා. පළවෙනි දවසෙම ඉල්ලගෙන පරිප්පු කන්න ඕන නෑනෙ කියල. ඇත්තම කියනව නම් ඇතුලට ගියෙන් බයෙන් බයෙන්.

පස්සෙ සර්ච් පාරක් දැම්මම දැනගත්තෙ 2018දි ඒ තහනම ඉවත් කරල තියෙනවා. (අනික් රටවල් වල සෝවියට් මෙට්‍රො වලට යනව නම් කළින් කියවල බලල ගිහින් ෆොටෝ ගන්න නැත්තං හමුදාවෙන් කේස් දානවා. ටෂ්කෙන්ට් වලත් තාම හමුදාව හරි ඒ වගේ ආරක්ෂක අංශයක් ඇතුළෙ ඉන්නවා. හැබැයි හොරෙන් හරි ෆොටෝ ගන්න. ඒවා එච්චර ලස්සනයි.)

දැන් කවුරු හරි මාව ටෂ්කෙන්ට් වලට ගිහින් දාන්ඩෝ…. 😭😭😭😭😭

Like
Like Love Haha Wow Sad Angry

Leave a comment

Your email address will not be published. Required fields are marked *