Introvertsලා ඇත්තටම අමුතුයිද?

introverts

ලංකාවෙ ගොඩක් අය introvertsලා ගැන හරි දැනුවත් කමක් නෑ කියන එක introvert කෙනෙක් විදියට සෑහෙන අත්දැකල තියෙන දෙයක්. මම කාලයක් තදින්ම introvert කෙනෙක් විදියට හිටිය කෙනෙක්. මම පසුකාලීනව මට අවශ්‍යතාවයක් ආව නිසා සහ ජීවිතයේ නොයෙකුත් අත්දැකීම් නිසා පෙරට වඩා සමාජශීලීව කටයුතු කළත්, සම්පූර්ණයෙන්ම සමාජශීලී වෙන්න අපහසුයි. ඒක හරිම වෙහෙසකරයි. ඒක තෝරාගැනීමක් නෙවෙයි. ඒක ස්වභාවය.

මිනිස්සු හිතනවා හැම කෙනාම ස්වභාවයෙන්ම සමාජශීලී වෙන්න ඕන එහෙම නැත්තං බලෙන් සමාජශීලී කරන්න යනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගුප්තකම, ආඩම්බරකම , අහංකාරකම , ලොකු කම , ආත්මාර්ථකාමී කම කියල ලේබල් ගහන එක තමයි කරන්නෙ එහෙම බැරි වුණාම. සමහරුන්ට මේ පීඩනය දිගින් දිගටම ලැබිලා විශාදය (depression) වලට ප්‍රතිකාර කරන්න වෙන තරමටම තත්ත්වය බරපතල කරවනවා සමාජය විසින්. විශාදය කියන්නේ සියදිවි නසා ගන්නට තරම් දුරදිග යන කාරණාවක් වෙන්න පුළුවන්.

අන්තර්වන්තිකයෙක් හෙවත් introvert කෙනෙක් කියන්නේ කලින් කී ලෙස ඔබ විසින් නිහඬ ගුප්ත ලෙස නම් කළ අය. වැඩි විස්තර වශයෙන් කියනවා නම්, කට්ටිය සෙට් වෙලා trip එකක් යන්න සෙට් උනාම මග අරින එකෙක්, පාටියක් පැත්ත පලාතෙක ගෙන්න ගන්න බැරි කෙනෙක්, තනිව, සමාජයෙන් ඈත් වෙලා නිදහසේ හුදකලාවේ ඉන්න කැමති කෙනෙක්, ඝෝෂාකාරී වටපිටාවකට වඩා නිහඩ පරිසරයක හඬ අහන් ඉන්න කෙනෙක්, බාහිරව හුදකලාව ට කැමති හිත ඇතුලෙන් දොඩවන කෙනෙක් වගේ අය හඳුන්වන්න පුළුවන්.

සමාජශීලීබව වැඩි අය extrovertsලා වශයෙනුත් සමාජශීලීබව අඩු අය introvertsලා වශයෙනුත් මධ්‍යම ප්‍රමාණයෙන් සමාජශීලී අය ambivertsලා වශයෙනුත් හඳුන්වනවා

මේ අයගේ ප්‍රතිවිරුද්ධ ස්වරූපය extrovert හෙවත් බහිර්වන්තිකයින් ලෙස හඳුන්වනවා. ඒ අය තමයි සමාජයේ වැඩපුර ඉන්නේ. මේ අය සමාජශීලී අය. එයාලට introvertsලා තේරුම් ගන්න හරිම අමාරුයි. මොකද එයාලා වැඩිපුර දැකල තියෙන්නේ එයාලා වගේ අය නිසා හිතන්නේ හැමෝම මිනිස් ආශ්‍රයට කැමති අය වෙන්න ඕන කියලා.

ඔබ,

  • මිනිසුන් පිරිවරා ඉද්දි ශක්තිය අඩු වෙමින් යන බව දැනෙන කෙනෙක්ද?
  • හුදකලාව භුක්තිවිදින්නෙක්ද?
  • සමීප මිතුරන් කුඩා කණ්ඩායමක්‌ සමඟ ඉන්න කෙනෙක්ද?
  • මිනිස්සු නිහඬ කෙනෙක් ලෙස නම් කරන කෙනෙක්ද?
  • කාර්යබහුල පරිසරයක වැඩ කරන්න අපහසු කෙනෙක්ද?
  • නිතරම දේවල් ගැන සුපරික්ෂාවෙන් ඉන්න කෙනෙක්ද?
  • හැකි සෑමවෙලාවකම තනියම වැඩ කරගන්න කැමති කෙනෙක්ද?

මේ කියූ කරුණු සියල්ලම හෝ කිහිපයක් ඔබට ගැලපෙනවා නම් ඔබ introvert කෙනෙක් විය හැකියි.

මම කලින් කියූ පරිදි මේ කිසිවක් ඔවුන්ගේ තෝරාගැනීම් නොවෙයි. එය ඔවුන්ගේ ස්වභාවය. මෙලොව වසන හැම කෙනෙක්ටම තමන් කැමති විදියකට අනුන්ට කරදරයක් නොවී ජීවත් වීමට අයිතියක් තිබිය යුතුයි. ඔබට අන් කිසිවෙක් judge කිරීමට හෝ වෙනස් කිරීමට අයිතියක් නැහැ. ඔබ කරන්නේ ඔවුන්ට කරදරයක්. ඔවුන්ට ඔවුන්ගේ විදියට ජීවත් වන්නට ඉඩ හරින්න. ඔවුන් නරක අය නොවේ. ගුප්ත වූ පමණින් ඔවුන් නරක අය වන්නේ නැහැ. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ පාඩුවේ සිටින පුද්ගලයින්. Introvert වේවා, extrovert වෙවා ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම අවශ්‍යතාවයක් ඇති වී වෙනස් වීමට තීරණය කළොත් හැරෙන්නට වෙනත් අයෙකුට කෙනෙක්ව වෙනස් කරන්නට බැහැ. ඒකයි යථාර්ථය

ඔබට කළ හැකි දෑ,

  • ඒ අයව ඒ ආකාරයෙන්ම පිළිගන්න
  • ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් විස්තර කරන්න පුළුවන් confronting and hostile නොව සැහැල්ලු (comfortable) වටපිටාවක් නිර්මාණය කරන්න.
  • ඔවුන්ව නිරීක්ෂණය කරන්න. එයින් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තමන්ටම සීමා වෙලා ගොඩක් වෙලාවට ඉන්නේ අනික් අය එක්ක අප්සට් එකකින් හෝ සමාජය අප්‍රිය කරන නිසා හෝ නොවෙන වග අපිට තේරෙන්න පටන් ගනීවි.
  • ඔවුන්ට අවශ්‍ය ඉඩ (space), නිදහස සහ කාලය ලබාදෙන්න. එය ඔවුන්ගේ මානසික සුවතාවයට බොහෝම වැදගත්.
  • ඔවුන් බොහෝ විට වෙනස්ව හිතන පුද්ගලයින්. ඔවුන් සතුව හරි අපූරු සංකල්පනා තියෙනවා. Unpopular opinions කියන්නේ ඒවා සාමාන්‍ය සමාජයේ පොදු පිළිගැනීම නෙවෙන්න පුළුවන්. ඒවාට open-mindedly අහුම්කන් දෙන්න.
  • ඔවුන්ගේ සමාජ ආශ්‍රය වෙනස් කියන එක පිළිගන්න. උදාහරණයකට ඔවුන් ඔබගේ පෙරැත්තයට පාටියකට යන්න ඒවි. ඇවිල්ලා කට්ටිය නටන හැටි වයින් වීදුරුවක් රස විඳින ගමන් බලා ඉඳීවි. එයට ඉඩ දෙන්න. ඔහුට/ඇයට නටන්න අකමැති නම් ඔවුන්ගේ හැටියට ඉන්න අරින්න. ඔබ නටා ගයා සතුටක් ලබන අයුරින් ඔවුන් ඔබ නටනවා දෙස බලා සතුටක් ලබාවි. ඔබ ඔවුන්ට නටන්නට ඇදගෙන යාමෙන් ඔබෙත් ඔවුන්ගේත් දෙපාර්ශවයේම සතුට නැති කරගැනීමක් වෙන්නේ.
  • අකමැති දේවල් කරන්න බල කරන්න එපා. මේක introvert වුණත් නැතත් පොදු කරණයක්.කෙනෙක් අකමැති දෙයක් කරන්න බල කරනවා තරම් නරක දෙයක් තවත් නැහැ.
  • Introvertsලා ගොඩක් නිරීක්ෂණශීලි අය නිසා ඔවුන්ට බොරු කියන්න යනවා නම් ලේසි වෙන එකක් නැහැ. ඔවුන්ට බොරුව පෙනෙන්නට බැහැ. ඔවුන් ඔබේ හැසිරීම නිරීක්ෂණයෙන් පවා ඔබ බොරු කියන බව අඳුනා ගනීවි. අවංක වෙන්න. ඒක introvertsලාට විතරක් නෙවෙයි හැමෝටම පොදුවේ අවංක වෙන්න.

සමහරු සමහර තැන් වලදි extrovert කෙනෙක් වෙනවා, සමහර තැන් වලදි introvert කෙනෙක් වෙනවා.

එහෙම එයට කියන්නේ ambivert කියලා. මමත් දැන් ඒ වගේ. කොහොම වුණත් 100%ක් introverted හෝ 100%ක් extroverted අය මේ ලෝකයේ නැතිම තරම්. ඒක spectrum එකක්. ඒකෙ ඕනම තැනක කෙනෙක්ට ඉන්න පුළුවන් වගේම. ජීවිතයේ අත්දැකීම් සහ තමන්ගෙම අව්‍යතාවය මත මේ spectrum එකේ කෙනෙක් ඉන්න තැන වෙනස් වෙන්න හෝ කරගන්න පුළුවන්. ඒක පොඩි හේතු වලට වෙන්නෙ නෑ. ඒක ලේසිත් නෑ. බොහොම තදබල හේතුවක් ඕන තමන් ඉන්න තැන වෙනස් වෙන්න.

මේ තුන් ආකාරයේ පුද්ගලයින්ගේ ව්‍යාප්තිය

මම ඉස්සර ටිකක් තද introvert කෙනෙක්. හැබැයි මෑත කාලීනව අවුරුදු 4ක විතර ඉඳලා මම මාවම push කරලා කලින් කිව්ව ambivert level එකට ආවා. දැන් ඉස්සර වගේ මිනිස්සු හම්බෙන්න අකමැති නැහැ. කතා බහ කරන්න එපා වෙන්නේ නෑ. තවත් introvert complain එකක් small talks. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඔක්කොම එක්තරා මාත්‍රාවකට විතරයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ ambivertsලා මෙම තද කළු රේඛාව මගින් විස්තර කරන්න පුළුවන්.

introvertsලා තමන්ට හුරු තැනකදි, තමන් දන්නා අඳුරන යහළුවන් මිත්‍රයින් ඉන්න තැනකදි හොඳට සමාජශීලීව හැසිරෙනවා. ඒක සාමාන්‍ය ලක්ෂණයක්. ඒක මොන end එකේද තියෙන්නෙ කියන එක පිටින් බලල කියන්න බෑ. ඔබ ambivert කෙනෙක් වෙන්නත් පුළුවන් හැම පුද්ගලයෙක්ම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. මේවා rigid definitions නෙවෙයි. කලින් කිව්වා වගේ මේක spectrum එකක්.

Introvertsලා පීඩනයට ලක්වෙන එක අවම කරගන්න එක තමයි මෙහි එකම අරමුණ. අනික් කාරණය ඔවුන්ටත් ශක්තියක් වීම.

ගොඩක් introvertsලාට extrovertsලාගෙන් නිවසේදී හෝ සමාජයෙන් එල්ලවෙන පීඩනය හමුවේ ඔවුන්ව extrovert path එකකට යොමු කරලා නිසා ඔවුන්ගේ සැබෑ potential එක හොයාගන්න බැරුව යනවා. එයාලා extroverted path එකේ success එක අඩු නිසා හැමවෙලාවෙම අනික් අය කියන්නේ “ඔයාට බෑ” කියල. එහෙම නැහැ. ඒ අයටත් පුළුවන්. ඒ පුළුවන් දේවල් වෙනස්. අන්න ඒ වෙනස හඳුනාගැනීමයි විය යුත්තේ. ඒ වෙනස අඳුුනාගත්තාම introvertsලාටත් දිනන්න පුළුවන්.

Susan Cain කියන්නේ මේ introvertsලා වෙනුවෙන් හඬ නඟන ක්‍රියාකාරිනියක්. ඇයි ලියල තියෙනවා Quiet: The Power of Introverts in a World That Can’t Stop Talking කියල පොතක්. ඇගේ TED Talks වල ඇය මෙහි සාරාංශය කියනවා පුළුවන් නම් හොයාගෙන කියවන්න. තමන්ගෙ potential එක සොයාගැනීම තමයි key එක තමන්ගේම path එකක success වෙන්න.

මේ ලිපිය මගේ අත්දැකීම් සහ තවත් අයගේ අත්දැකීම් මත ලියවුණ එකක්. මම දැන් අවුරුදු 4ක විතර ඉඳන් මේ ගැන touch එකේ ඉන්න නිසා ලැබුණ දැනුම එක්ක ලියපු ලිපියක්. අපට වඩා වයසින් අඩු අය මෙය කියවනවා ඇති. එයාලට එයාලා “අමුතු” නැහැ කියන එක දැනගන්න සලස්වන එක යුතුකමක් කියල හිතුවා. වයස අඩු අය විතරක් නෙවෙයි මේ නිසා ජීවිත කාලයක් දුක් විඳපු අය ඇති. අඩු ගාණෙ දැන්වත් සැහැල්ලුවක් ලැබෙන්න මාවතක් විවෘත කරන්නයි මට ඕන වුණේ. මොකද සමාජයෙන් එල්ල වෙන පීඩනය දැනෙන්නේ ඒ වින්දිතයා විතරයි. ඒක හරිම බරක් ජීවිතයට.

බටහිර රටවල් වල වැසියන් මේ ගැන හොඳින් දැනුවත්. ඒ නිසා කුඩා කල සිටම ඒ රටවල වැසියන් වෙනසකින් තොරව ඔවුන් ගැලපෙන දේවල් තෝරාගෙන ජීවිතය ගෙන යනවා. ඒ සැහැල්ලුව අපේ රටේ පුරවැසියන්ටත් තිබිය යුතුයි. මේ දැඩි සංස්තෘතිකත්වය උඩ අපේ ජනතාව තව තවත් ළිං මැඩියන් කරන ක්‍රමය වෙනස් විය යුතුයි. ලෝකය ගැන දැනගන්න කලින් තමන් ගැන තමන් වටේ ඉන්න අය ගැන දැනගෙන සිටිය යුතුයි. මානසික සුවය කියන එක අපේ රටේ ජීවන රටාවේ අන්තිමම තැනට දාල තියෙන තැනින් ඉහළට ගේන්න ඕන.

ඔබට සමාන අය අඳුනාගන්න, ඔබ අමුතු කෙනෙක් නොවන බව වටහාගන්න වගේම ඔබට ඇති ප්‍රශ්න ගැන කතා කරන්න එකතු වෙන්න: Introverts Sri Lanka (Facebook group)

ආශ්‍රිත:

  1. ThunaPaha – Facebook page
  2. Lifie.lk
  3. Introverts Sri Lanka – Facebook page
Like
Like Love Haha Wow Sad Angry
1064

2 comments

Leave a comment

Your email address will not be published. Required fields are marked *