දුම්රිය ගැන අළුත් තොරතුරු අඩවියක්

Share

මම කලින් පෝස්ට් එකකදි කිව්වා දුම්රිය ලෝලීන් වෙනුවෙන් විකි අඩවියක් ඇරඹූ බව. නමුත් අවාසනාවකට  මම එය host කර තිබුනේ free wiki hosting දෙන තැනක. දැන් ඒ මුළු අඩවියම අක්‍රීයවී තිබෙනවා. (ප/ලි: දැන් නැවතත් විකි අඩවිය ක්‍රියාත්මක බව සතුටින් දැනුම් දෙමි 🙂 ) ඉතිං ඒ දුකත් සමඟම තවම වැඩ කටයුතු අවසන් වී නැති වුවත් මම අළුතෙන් හදාගෙන යන තොරතුරු අඩවිය එළිදක්වන්න හිතුවා. මේකත් free hosting උනාට දන්න කියන තැනකනෙ තියෙන්නෙ. මේකටත් කලින් වෙච්ච සන්තෑසියම සිද්ධ නෙවෙයි කියන බලාපොරොත්තුවෙන් තමා wordpress වලට දාන්න හිතුවෙ. අනිත් එක සල්ලි දීල ගත්තත් නියමිත වෙලාවට නැවත ගෙවීම් කරන්න බැරි වුනොත් ඒකට වෙන්නෙත් ඒ දේම නිසා. අනිත් කාරණේ නියමිත පරිදි මුදල් ගෙවමින් තිබුණු මම හොඳට දන්න අඩවියකුත් අක්‍රීය වුනා එහෙව් එකේ සල්ලි දීල host කරන්නෙ ඇයි කියල හිතුන 🙂

මෙහි දැනට තියෙන්නෙ ප්‍රධාන දුම්රිය පන්තීන් ගැන තොරතුරු පමණයි. නොබෝ කලකින්ම ඉතිරි පන්තීන් ගැන, ඉතිහාසය ගැන පමණක් නොව දුම්රිය සේවයේ භාවිතාවන තාක්‍ෂණික අංග ගැන විස්තර හැකි පමණ ඇතුළත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මෙන්න අළුත් වෙබ් අඩවියට යන පාර. http://slrailinfo.wordpress.com/ 🙂