ටැබ්ලට් යන්ත්‍ර දෙකක් එක් දුම්රිය ස්ථානයක බොහෝ විට දැකිය හැකියි © Nipuna Dodantenna |
ක්‍රියාකාරීත්වය
ඇරඹීම
- යන්ත්‍ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ තිබිය යුතුයි.
- A දුම්රිය ස්ථානාධිපති සිට B දුම්රිය ස්ථානාධිපතිට බෙල් සංඥාවක් යවා දුම්රියක් සඳහා මාර්ගය බාධාවකින් තොරදැයි විමසයි. (එනම් A හා B අතර දුම්රියක් හෝ වෙනත් බාධකයක් නැද්ද යන බව)
- බාධා රහිත නම් B දුම්රිය ස්ථානාධිපති විසින් A දුම්රිය ස්ථානාධිපතිට ඒ බව බෙල් සංඥාවකින් දැනුම් දෙයි.
- ඉන්පසු A දුම්රිය ස්ථානාධිපති විසින් බෙල් ප්ලන්ජරය (Bell plunger-දෙවැනි ඡායාරූපයේ ඉහළම කොටස බලන්න) තද කරගෙන සිටී.
- එවිට B දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය (Switch plunger-දෙවැනි ඡායාරූපයේ ඉහළම කොටස බලන්න) ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය මඳක් එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය “Train Approaching” (“දුම්රියක් ළඟාවෙයි“) යන්න පෙන්වයි.
- ඉන්පසු B දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනු ලබයි.
- එවිට A දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය “Train On Line” (“දුම්රියක් මාර්ගයේ ඇත“) යන්න පෙන්වයි. මෙවිට ටැබ්ලටය එළියට එයි.
- දැන් A දුම්රිය ස්ථානාධිපති ටැබ්ලටය B කරා යන දුම්රියේ රියදුරුට ලබාදෙයි.
ටැබ්ලට් යන්ත්‍රයේ එක් පසකට ගමනාගමනය සඳහා වෙන් වූ කොටස මෙහි ඉහළින්ම Bell හා Switch ප්ලන්ජරයන් (plunger) පිහිටා ඇත. © Nipuna Dodantenna |
යන්ත්‍ර විසන්ධි කිරීම
- දුම්රිය රියදුරා B දුම්රිය ස්ථානයට පැමිණි පසු ස්ථානාධිපතිට ටැබ්ලටය බාරදෙයි.
- B දුම්රිය ස්ථානාධිපති යන්ත්‍රයේ ඉහළ කොටස එළියට ඇද ටැබ්ලටය එහි තැන්පත් කරනු ලබයි. ඉන් පසු ඉහළ සහ පහළ කොටස් දෙකම ඇතුළට යවයි. මෙවිට යන්ත්‍රය “Line Closed” “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.
- B දුම්රිය ස්ථානාධිපති බෙල් සංඥාවක් මගින් A හි ක්‍රියාකරුට, දුම්රිය අදාළ කොටසින් ඉවත්ව ගිය බව දැනුම් දෙයි.
- A දුම්රිය ස්ථානාධිපති ස්විච් ප්ලන්ජරය ඔබා යන්ත්‍රයේ යට කොටස වසා දමනු ලබයි. මෙවිට යන්ත්‍රය “Line Closed” “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.
මීගොඩ-හෝමාගම section එකට අදාල ටැබ්ලටය © Rasika Karunathilake |
මීගොඩ-පාදුක්ක section එකට අදාල ටැබ්ලටය © Rasika Karunathilake |
ටැබ්ලටය රැඳවුම් පසුම්බියක් තුළ රඳවා ඇති විට © Nipuna Dodantenna |
භාවිතා වන ප්‍රදේශ
- උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට
- කැළණි වැලි මාර්ගයේ මරදාන හා අවිස්සාවේල්ල අතර
- උතුරු, ත්‍රි’මලේ, මඩකලපු මාර්ගවල පොල්ගහවෙලින් එපිට
- පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුවෙන් එපිට.
Q & A
A: එක station එකක සිට දෙපැත්තට ඇති station දෙක සමඟ සන්නිවේදනය කිරීම සඳහා.
Q: ඉහලින් ඈතුල් කරන ටබ්ලටය පහලින් එන්නෙ කෙසේද?
A: ඉහළින් ඇතුල් කරන ටැබ්ලට් එක පහළට එන්න ඇතුලෙන් mechanism එකක් තියෙනව.
Q: එක් එක් අවස්ථාවෙදී නාද කරන බෙල් ශබ්ද එකිනෙකට වෙනස්ද?
A: එකිනෙකට වෙනස් බෙල් දෙකක් දෙපැත්තට තියෙනවනේ.
Q: මෙම ක්‍රමය fail proof වන්නේ කෙසේද?
A: එක ටැබ්ලටයක් එලියට ගත් පසු එය දෙකෙලවරින් කවර කෙළවරක හෝ ඇති යන්ත්‍රයකට නැවත බහාලන තුරු දෙකෙලවරින්ම තව එකක් එලියට ගත් නොහැකි නිසා. (Answered by Thurya Owitipana)
Q: වැරදීමකින් හෝ වෙනත් මාර්ග කොටසකට අයත් ටැබ්ලටයක් යන්ත්‍රයට ඇතුළත් කළ හැකිද?
A: බැහැ. ටැබ්ලටයේ කට්ට කපා ඇති අතර වැරදි එකක් දැමිය නොහැක. (Answered by Thurya Owitipana)
Q & A එක සැකසීම සඳහා ප්‍රශ්න ඉදිරිපත් කල අනුශ්ක පියරත්න සහ පුබුදු කුමාර යන සොයුරන්ට ස්තුතිය෴
මෙම ලිපිය මුල් කොටස ඉංග්‍රීසි විකියේ සිට සිංහල විකිය සඳහා මා විසින් පරිවර්තනය කරන ලද්දකි෴