The demise of the Top Gear

The Grand Tour Banner
The Grand Tour Banner

Top Gear ගැන කලින් පෝස්ට් එකක කිව්වනේ. අද කියන්න යන්නෙ how Top Gear as we know has ended ගැන. සිංහලෙන් කියනව නං අපි දන්න Top Gear එක ඉවර වුණ හැටි ගැන.

මුන් තුන්දෙනා ආතල් දුන්නට හෙන සුදු චරිත නෙවෙයි. ජෙරමි සහය අධ්‍යක්ෂක කෙනෙක්ට ගැහුවා කෑම එකක පළහිලව්වකට. බුවා ඕවට ප්‍රසිද්ධයි. බලන් ඉඳල බැරිම තැන බීබීසී එකෙන් ජෙරමිව පන්නනව. අනික් දෙන්නත් අයින් වෙලා ඇමසන් ප්‍රයිම් එක්ක The Grand Tour කියල උන්ගෙම වැඩසටහනක් පටන් ගන්නව. ඒකට ඇමසන් එකෙන් උන්ට දුන්න සල්ලි දෝරෙ ගලන්න.

හැබැයි මේක Top Gear තරම් සාර්ථක වුණේ නෑ. එකක් ඇමසන් එකේ තිබුණ restrictive paid culture එකට සාමාන්‍ය මිනිස්සු කැමති වුණේ නෑ. හැබැයි ලොකුම හේතුව ඒක නෙවෙයි. මුන් තුන්දෙනා අර මුල් philosophy එකෙන් පිට පැන්නා. ඇත්තටම ඒක වවාගෙන කන්න ගියා.

උන් කලින් කලේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ෆැන්ටසි වලට පණ දුන්න එක කියල මම කිව්වනෙ. හැබැයි මේ පාර අනාගත්තෙ ඒක අධිරංගනයකට ගෙනියන්න ගිහින්. ඒකට ආපු විවේචන ගණන් නොගෙන දිගටම සාමාන්‍ය මිනිස්සුන්ගෙ ෆැන්ටසි වලින් එහාට ගිහින් එකම දේ නැවත නැවත කරන සාමප්‍රදායික motor show එකක් කරන දේවල් අධිතාත්විකත්වයකින් කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්නම වැටුනා. එක එක දේවල් කරල ෆෝමැට් වෙනස් කර කර බැලුවා එකක්වත් හරි ගියේ නෑ මොකද කලින් තිබුණ chemistry එක ගන්න බැරි වුණ නිසා.

ඒ අතරම ඇමසන්ලා එක්ක මේ තුන්දෙනාම වෙන වෙනම වැඩසටහන් පෙළකුත් කළා.

ඔය අතරවාරයෙ මුන්ගෙ retirement plan එකට DriveTribe කියල motoring social media platform එකක් හැදුවා. ඒකත් හිතපු තරම් සාර්ථකද කියන එක නම් ප්‍රශ්නයක්. ඒකෙ රැඳුන පිරිසක් ඉන්නවා ඒත් එයින් පිට promotion එකක්වත් කරන පාටක් නැහැ. DriveTribe YouTube channel එකත් වෙනමම වගේ යන්නේ.

එච්චර කරලත් උන්ගෙ වෙලාව හොඳයි. වැටුන කියල තේරීගෙන එනකොටම කෝවිඩ් ආවා. දැන් ඒක පිටින් දාල Grand Tour එක නවත්තල. Grand Tour YouTube channel එකේ දැන් යන්නෙ Jeremy ගොවිපලක් කරන හැටි. DriveTribe එකේ යන්නෙ James කෑම හදන හැටි සහ pub එකක් කරන හැටි. කෑම වැඩේ ටිකක් නැගල යනව දැක්කම FoodTribe කියල එකකුත් පටන් ගත්තා.

YouTube channels ගත්තම වුණත් සමහර තනි පුද්ගලයො කරන channels වලට සාපේක්ෂව මේ තුන් දෙනාගෙ ජනප්‍රියත්වයත් පාවිච්චි කරල production team එකකුත් එක්ක කරන channel එකක් විදිහට සැලකියයුතු තරම් පිටුපසින් ඉන්න බවක් පෙන්නෙ. ඒ වගේම පළකිරීම් වල කිසිම පිළිවෙලක් නැති කම නිසා YouTube algorithm වලින් ඉස්සරහට එන්නෙ නැති බවකුත් පේනවා. මොකද මම නිතරම මේ වීඩියෝ බලන කෙනෙක් වුණත් චැනල් එකට ගිහින් බැලුවම පේනවා සෑහෙන වීඩියෝ home page එකට එන්නෙ නැති බව.

ඒ කියන්නේ මේ තුන්කට්ටුවේ අවසානය ද? අපි බලමු…

Like
Like Love Haha Wow Sad Angry

Leave a comment

Your email address will not be published. Required fields are marked *