ලංකාවෙ මඟුල්

ලංකාවෙ මඟුල් ඉතිං ඔක්කොම යන්නෙ රුයිතෙටනේ.

ලොකුම හේතුව බඳින්න කලින් අනිකාගෙ personality එක මොන වගේද කියල අඳුරගෙන නොතිබීම. එහෙම නැති වුණාම ඒ ඒ චරිත වල තියෙන red flags අඳුරගන්න බැරි වෙනවා. ඊළඟට ඇස් පනාපිට පේන්න තියෙද්දි red flags ignore කිරීම. Red flags එක එක්කෙනාට වෙනස්. එක්කෙනෙකුට red වෙන එකක් තව එක්කෙනෙකුට green වෙන්න පුළුවන්. ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණේ.

ඊළඟට ප්‍රශ්නෙ එන්නෙත් ඒකෙම දිගුවක්. අත්‍යවශ්‍ය දේවල් ගැන කතා කරන්නෙ නෑ. බඳින්න කලින් එක එක්කෙනාගෙ expectations කතා කරන්න ඕන. කැමති අකමැති දේවල්. විශේෂයෙන්ම sex ගැන. අපේ මිනිස්සු කතා නොකරනම දෙයක්. ගොඩක් පවුල් කැඩෙන්නෙ sexual desires ගැලපෙන්නෙ නැති වුණාම. අනිත් හැම දෙයක්ම magnify වෙලා පේන්න ගන්නවා තමන් බලාපොරොත්තු වුණ sex life එක නැති වුණාම. මේක ගොඩක් අය හිතන්නෙ පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් කියල. නෑ ඒකට ගෑණු පිරිමි භේදයක් නෑ. සමහර ගෑණු ඉන්නවා එයාලට පිරිමින්ට දෙන්න බැරි තරම් sex ඕන. එහෙම නැති වුණාම තමයි වටේ යන්න පටන් ගන්නෙ. පිරිමිත් එහෙම්මම තමයි. ඒකට හොඳම විසඳුම බඳින්න කලින් living together ඉන්න එක. අඩුම ගානෙ අවුරුදු 2ක්වත්. අවුරුදු 4ක් විතර ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ලංකාවෙ ගොඩක් අයට මේක කරන්න පුළුවන් පසුබිමක් නෑ.

ඊළඟට අනෙක් expectations. ගොඩක්ම වෙන්නෙ ලව් කරන කාලෙ නොතිබුණ දේවල් බැන්දම තියෙයි කියල හිතන එක. පිළිවෙල, responsibilities බෙදාගන්න එක. කාලය ගත කරන්නෙ මොන දේවල් වලටද කියල prioritise කරන්න ගියාම, ළමයි හදනවද, කීයක් හදනවද. මේව ගැන බඳින්න කලින් අවබෝධයක් තියෙන්න ඕන. නැත්තං බැන්දට පස්සෙ අර තිබුණ expectations fulfil වුණේ නැති වුණාම කචල්

ඊළඟට ගෙදර මිනිස්සු සහ නෑදෑයින් handle කරන විදිය. ඒක ගැනත් කලින් අවබෝධයක් තියෙන්න ඕන. ලව් කරන කාලෙ මවල පෙන්නන ලස්සන ගෙදර නෙවෙයි බැඳල ගියාම තියෙන්නෙ. ඒ නිසා කලින් ඒ මිනිස්සු හම්බෙන්න, ආශ්‍රය කරන්න. කතාවක් off guard ගෙනිහින් බලන්න එයාලගෙ response එක මොන වගේ ද කියල. මේක තමන්ගෙ partnerව test කරන්නත් හොඳ ක්‍රමයක්. ඕනම කෙනෙක් comfort zone එකෙන් එලියට ගත්තම බලන්න පුළුවන් ඇත්ත ස්වභාවය. ඉතින් මම නම් කියන්නේ බැඳල අඩුම ගානෙ අවුරුදු 4ක්වත් මහ ගෙදරින් පිට තනියම ඉන්න ඕන. ඊට පස්සෙ වුණත් දිගටම වෙනම ඉන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද සමහර වෙලාවට දෙමාපියන් වෙනස් වෙන්නෙත් නෑ. අපට ගැලපෙන කෙනායි එයාගෙ දෙමව්පියොයි දෙපාර්ශවයම ගලපන්න බෑ. ඒ වෙලාවට සාමාන්‍යයෙන් tolarate කරන්න පුළුවන් නම් ඇති. කොහොමත් ගෙදරින් පිට ඉන්න එක තමයි හොඳ.

ආදායම් වියදම්. මේකත් ලොකු පොයින්ට් එකක්. තමන්ගෙ වියදම් වලට ගැලපෙන මට්ටමක කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒක කොච්චර වෙනත් සාධක උඩට දාල වහන්න හැදුවත් ඇත්ත ඒකයි. පොඩි ජොබ් එකක් කරන කෙනෙක් එක්ක ලොකු ජොබ් එකක් කරන කෙනෙක් බැන්දමත් ඒත් ඒකම තමයි වෙන්නෙ. ලොකු ජොබ් එක කරන කෙනා එයාගෙ වියදමෙන් අනික් කෙනාවත් එයාගෙ මට්ටමට ගන්න වෙනවා. ඒක ලේසි දෙයක් නෙවෙයි. මම කියන්නෙ පොඩි පොඩි වෙනස් කම් නෙවෙයි, ගොඩක් ලොකු සමාජ පරතරයක් තියෙන අය ගැන.

වැදගත්ම දෙයක්. ප්‍රශ්න ආවම කෙලින් කතා නොකරන එක සහ ඇහුම්කන් නොදෙන එක. මේක තරම් ප්‍රශ්න ෆැක්ටරියක් තවත් නෑ. ගොඩක් ගෑණු අය කරන දෙයක් ප්‍රශ්න විවෘතව කතා කරන්නෙ නෑ. හිතේ තියෙන දේ කියන්නෙ නෑ. ඉතිං අර මනුස්සයා හිත් කියවන්න දන්න කෙනෙක් නෙවෙයිනේ. හිතේ තියෙන දේ පැහැදිලිව කියන්නත් ඒකට ලැබෙන උත්තරය සාවධානව අහන්නත් ඕන. පිරිමි පාර්ශවයත් මෙක කරනවා ඒත් ගැහැණු මේක disaster එකක් වෙන මට්ටමටම කරනවා. ගොඩක්ම මඟුල් කැඩෙන්න හේතුව මේක. හිතෙන් උත්තරයක් මවාගෙන ඒක නොලැබුණාම ලැබෙන උත්තරය සැක කරනවා. කමක් නෑ සැක කරන්න හැබැයි එවෙලෙ රණ්ඩු නොවී ඇයි මේ මනුස්සය හරි ගෑණි හරි මේක කිව්වෙ කියල හොයල බලන්න. සමහරවිට හිතන්නවත් බැරි සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්. සමහරවිට හැම වෙලාවෙම ඒ මනුස්සයාව/ගෑණිව මරන් කන්න බලන් ඉන්න නිසා ඒකෙන් බෙරෙන්න කිව්ව බොරුවක් වෙන්නත් පුළුවන්. CONTEXT matters a LOT.

තව දෙයක් බඳින්න හිතාගෙන ආශ්‍රය කරනව නම් අනෙකාව manipulate කරන්න යන්න එපා. ගොඩක් අය relationship එක තියාගන්න ඕනවට මේවා ගණන් නොගෙන ඉන්නවා. ඒත් බැන්දට පස්සේ ඒවා නෑ, වලි යන්නෙ manipulatorගෙ expectations කැඩෙන එකෙන් සහ victim තවදුරටත් manipulations tolarate නොකරන නිසා.

වැදගත්ම දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. එකිනෙකා අතර personal space එකක් නැති කම. මේක අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. ඕනවට වඩා ඈතට drift නොවී ඒත් හැමවෙලේම අනික් මනුස්සයගෙ දේවල් වලට ඇඟිලි නොගහ ඉන්නත් පුළුවන් වෙන්න ඕන. නැත්තං ඒ මනුස්සයට හිතේ නිදහසක් නැති වෙනවා. විශේෂයෙන් පහු වෙලා බඳින අයට සහ introverted අයට මේ ප්‍රශ්නෙ එන්න පුළුවන්. මොකද එයාලා බොහොම නිදහසේ තනි තීරණ මත කාලයක් ජීවත් වුණ අය. එකිනෙකා ගැන හොයන එක ලව් කරන කාලෙ රසවත් වුණාට ඕක 24×7 දරන්න අමාරුයි.

තව මතක් වුණොත් පස්සෙ කියන්නම්.

Like
Like Love Haha Wow Sad Angry
1

Leave a comment

Your email address will not be published. Required fields are marked *