ලාෆ්ස් – ලිට්රෝ

A මහත්මා ගති ගුණ වලින් බිස්නස් කරන කවුරු හරි ලෝකෙ හරි ලංකාවෙ හරි ඉන්නවාද? සිල්ලර වෙළෙන්දාගෙ ඉඳන්ම ඉන්නෙ හොරු. ඒ විදිහට බැලුවම ලාෆ්ස්ලට මොනවත් කියන්න බෑ. මොකද උන් කරන්නෙත් බිස්නස් එකක්. අවස්ථාව තියෙනවා නම් නොගෙන ඉන්න තරම් මොළේ අමාරුවක් ලාෆ්ස් එකට තියෙනවා ඇති කියල මම හිතන්නෙ නෑ. මේවා වෙන්නෙ ලංකාවෙ විතරකුත් නෙවෙයි. මම නම් දකින්නෙ ලාෆ්ස් strategy එක එයාලගෙ පැත්තෙන් බැලුවම හරියට හරි. ඒකෙන් පාරිභෝගිකයින්ට හානි වෙනවද කියන එක බලන්න තමා රජයක් ඉන්නෙ. ඒක එයාල කරන්න පටන් ගන්න ඕන අස්සයා පැනල ගියාට පස්සෙ නෙවෙයි. මුල ඉඳලම.

Q තමන්ට වාසි වෙන හැම දෙයක්ම කරන්න තරම් එයාල උපායශීලීයි.

A ඔව් ඉතින්. හොඳ බිස්නස් එකක් කියන්නෙ ඒකට තමයි. රජයයි වගකීම පැහැර හැරල තියෙන්නෙ. ලාෆ්ස්ලා සෑහෙන විදේශ විනිමයක් ඉතුරු කරල තියෙනවා එයාලගෙම නැව් පාවිච්චි කරල සහ ප්‍රතිඅපනයන කරලා. එයාල නෙවෙයි මේ ප්‍රශ්නෙදි වැරදි කියල මම නම් කියන්නෙ. අපේ රටේ ආණ්ඩු මාරු වෙන කොට මාරු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති තමයි මේකට වගකියන්න ඕන.

Q පාඩුයි පාඩුයි කියල පලමු බෝම්බෙ අමූලික බොරුවකින් පටන් ගත්තෙ එයාලා.රජය නියාමනය නොකර මුකුත්ම නොකර සිටීම වැරදියි. මේ ඔක්කොම කලින් සැලසුම් කරලා කලේ නෑ කියන එක නම් පිලිගන්න කොහොමත් බෑ.. එයාලා යාලුවෝ..

A බොරු කියන එක අර හරි අහිංසකයි කියල අපේ කට්ටිය කවි ලියන පොළේ බඩු විකුණන සිල්ලර වෙළෙන්දගෙ ඉඳන් මහ මුදලාලි දක්වා කරන දෙයක්. මහත්මා බිස්නස් නෑ කියල කිව්වෙ ඒකයි. මමත් මේ දවස් වල ආයතනයක් එක්ක ගැටළුවකට මුහුණ පාල ඉන්නෙ ඔය වගේ සිද්ධියකට.

A අනිත් දේ දැන් ඔය කියන විදියට අඩු මුදලට ගෙනැල්ලා විශාල ගබඩා වල ගබඩා කරගෙන ඉන්නවා නම් ඒකත් රටක් හැටියට වාසි දෙයක්. ඒත් ඒ වාසිය ජනතාවට දෙන එකේ වගකීම තියෙන්නෙ රජයට. හරියට විගණන කෙරෙනවා නම්, හරියට නීති ක්‍රියාත්මක වෙනවා නම්, නිසි නීති තියෙනවා නම් loop holes නැතුව; මෙහෙම ප්‍රශ්නයක් එන්න බෑ.

A අනික ලිට්රෝ කියන තරම් අහිංසක නෑ. මේ ගෑස් වලින් වවාගෙන කන්න පටන් ගත්තේ ලිට්රෝ අර අඩු බර ගෑස් ටැංකියක් ගෙනැල්ලා. දැන් ඒක තමයි හැම තැනම තියෙන්නේ. ඔවුන් වක්‍රාකාරව ගෑස් මිල වැඩි කරල තියෙන්නෙ දැනටම.

Q රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕන රජයේ ව්‍යාපාර වලින් පාරිභෝගිකයො රකින්න. ඒක නෙවෙයි වෙන්නෙ .

A රජයේ ව්‍යාපාර කියන්නෙ යල් පැන ගිය සංකල්පයක්. ජේආර් යුගයට පෙර තිබුණ ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. ගෝලීය ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යාපාර කියන්නෙ දෙකක් නෙවෙයි එකක්. රජයක් කියන්නෙ regulatory body එකක් විතරයි අද ලෝකයේ. එහෙම නැතුව ආපහු කොමියුනිස්ට් ක්‍රමයකට යන එක මේ ලෝකයේ මේ තරමින්වත් රැඳෙන්න පුළුවන් විදියක් නෙවෙයි. සරලම උදාහරණය උතුරු කොරියාව.

Like
Like Love Haha Wow Sad Angry

Leave a comment

Your email address will not be published. Required fields are marked *