මටත් ඔය ටික තිබ්බා. හැබැයි එක්තරා මාත්‍රාවකට. දැන් නම් මේ වසංගතේ නිසා මොකෙක්වත් හම්බෙන්නැතුව ඉඳලම එපා වෙලා. මේකෙ comments වල තිබුණ වගේ calls ආන්ස කරන්න නම් තාමත් අකමැතියි. පොඩි අනතුරු ඇඟවීමක් කරල කෝල් කරනව නම් කතා කරනවා ඕන තරම් වෙලාවක් කතා කරනවා.
මේ වගේ සමාජ ආශ්‍රයට අකමැති අයට කියන්නෙ introvertsලා කියල. අනික් අය තරම්ම නැතුව එක්තරා මට්ටමකට සමාජ ආශ්‍රය කරන අය ambivertsලා. ඊටත් වඩා සමාජ ආශ්‍රය නැතුවම බැරි වගේ ලෙවල් එකේ අයට කියන්නෙ extrovertsලා කියලා. කොහොම වුණත් 100%ක් introverted හෝ 100%ක් extraverted අය මේ ලෝකයේ නැතිම තරම්.
මම ඉස්සර ටිකක් තද introvert කෙනෙක්. හැබැයි මෑත කාලීනව අවුරුදු 4ක විතර ඉඳලා මම මාවම push කරලා කලින් කිව්ව ambivert level එකට ආවා. දැන් ඉස්සර වගේ මිනිස්සු හම්බෙන්න අකමැති නැහැ. කතා බහ කරන්න එපා වෙන්නේ නෑ. තවත් introvert complain එකක් small talks. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඔක්කොම එක්තරා මාත්‍රාවකට විතරයි.
මිනිස්සු හම්බෙන්න කතා කරන්න තාමත් පොඩි hesitance එකක් තියෙනවා, ඒත් ඉස්සර වගේ අතඇරලම දාන්නෙ නෑ. Calls එහෙම ආන්ස කරන්න අකමැති වෙන්න තව හේතුවක් මම මොනව හරි වැඩක නම් ඉන්නේ අතර මැදින් මමම disturb කරගන්න එක procrastinate කරන එක කළාට වෙන කවුරුවත් disturb කරනවට කැමති නෑ.
මෙතනින් එහාට යනවද නැද්ද කියලා කියන්න තාම බැහැ. මේ lockdowns ඉවර වෙලා ටිකක් normalise වුණාම බලමු. ඊළඟට මොකද වෙන්නේ කියලා. 🤠
One comment