සුරංගනා හීන

කවුරු මොන සුරංගනා හීන කතා කිව්වත් කාටවත් මේ රටේ තියෙන තත්ත්වය (මිනිස්සු > ආර්ථිකය) එක්ක කවුරු පාලනයට ආවත් ලොකු දෙයක් කරන්න බෑ. ඇත්ත කතාව ඒකයි.

දැන් ඉන්න ජනාධිපති ආවට පස්සෙ සහ කෝවිඩ් ආවට පස්සෙ සෑහෙන දේවල් වුණා හොඳට නිරීක්ෂණය කළා නම් බලන්න දේවල් ගොඩක් තිබුණා.

මිනිස්සු

ජනතාවගේ හැසිරීම සහ ඔවුන්ගෙ ගතානුගතික දේශපාලනික (මන්ද)බුද්ධිකතාව නිසා කොයි තරම් නරක තීරණ ටිකක් ගත්තද පහුගිය අවුරුද්දට. හැබැයි මිනිස්සු තාම බනින්නෙ එක් පුද්ගලයෙකුට. මිනිස්සු දන්නෙ නෑ අර පුද්ගලයා බැනුම් අහන්නෙත් ඒ මිනිස්සුන්වම පිනවන්න ගිහින් කියල. කෝවිඩ් ආව නැත්තං තත්ත්වය වෙනස් වෙයි කියලා කවුරුහරි හිතනව නම් ඒකත් වැරදියි.

වැඩිය ඕන නෑ covid වලට restrictions දැම්මෙ නැතුවම බනින අයම restrictions දැම්මමත් බනිනවා. ඒක මාර fun බලන් ඉන්න.

කෙටිකාලීන ලොසින්ජර දේශපාලනය නවතින්නෙ නැති තාක් කල් හැමදාම එන එන නායකයට බැන බැන ඉඳීවි අපේ මිනිස්සු. හැබැයි ඒකෙ irony එකත් ඒකමයි. එන එන නායකයා මෙහෙම හැසිරෙන්නෙත් මේ මිනිස්සුන්ව පිනවන්න ගිහින්ම තමයි.

කවුරුවත් මේකෙ big picture එක දකින්න කැමති නෑ. මොකද ඒක තමන්ගෙම කැත පින්තූරයක් නිසා. මේක 48 ඉඳන් එන vicoius cycle එකක්. අද ඊයෙ පටන් ගත්ත එකක් නෙවෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් සහ තියෙන ආර්ථිකය එක්ක කාටවත් මේ වෙනකන් මේ cycle එකෙන් එළියට යන්න බැරි වෙලා තියෙනවා විතරක් නෙවෙයි තව දශක දෙකකටවත් කාටවත් එහෙම යන්න පුළුවන් වෙයි කියල හිතන්නත් බෑ.

ආර්ථිකය

අනික් කතාව. චීනෙ ගෑවෙන නිව්ස් එකක් ගියාම චීන ආක්‍රමණෙ කියල කෑගහනවා, ඉන්දියාව (වරහන් ඇතුලෙ ඇමරිකාව දාපු එක හරියටම හරි) ගෑවෙන නිව්ස් එකක් ගියාම ඉන්දියන් ආක්‍රමණ කියල කෑගහනවා. එදා දවසෙ බයිට් එකට ඒක ගත්තා, කෑවා බිව්වා නිදාගත්තා. එදා දවස ගෙවාගත්තා. ඕක තමා අපේ කට්ටියගෙ ජීවන චක්‍රය. ඇයි මේවා වෙන්නෙ කියල හිතන්න තරම් හිත වෙහෙසවන්නෙ නෑ. මොකද ඊට වඩා දේවල් තියෙනවා තමන්ගෙම ප්‍රශ්න හිතන්න. ඉතිං එදා දවසෙ බයිට් එකට අර නිව්ස් එක අරන් පහුවදාට අලුත් එකකට බනින එක පුරුද්දක් විදියට කරගෙන යනවා.

අපේ මිනිස්සුට ලොකු බොරුවක් උගන්නල තියෙනවා, තාමත් උගන්නනව මං හිතන්නෙ අපේ රටේ හෙන ලොකු ස්වභාවික සම්පත් තියෙනවා ඒවායෙන් භාණ්ඩ හදල විකුණල ජීවත් වෙන්න පුළුවන් වගේ මායාවක්. මම අහන්නෙ කෝ ඉතිං ඔය තියෙනව කියන ඒවා. රජයම ඕන නෑනේ පුද්ගලික සමාගම් තියෙනවනේ. ඇයි එයාල හරි මේවා කරන්නෙ නැත්තෙ. හේතුව පැහැදිලියි. ඒ තියෙන පොඩ්ඩෙන් මහ ලොකු බිස්නස් එකක් කරන්න බෑ. Finished products market එකට චීනෙන් set කරන price එක අපට beat කරන්න බෑ. අච්චර ලොකු ඇමරිකාවටත් බැරි වුණ එකේ අපි මේ අවුන්සයක් දෙකක් තියාගෙන මොනව කරන්නද? ඔය අධිමාන්නෙ නැති නොවෙන තාක් දෙයක් කරන්න බෑ.

Service oriented economy එකක් තමයි මේ රටට හරියන්නෙ කියනව මම මුලින්ම ඇහුවෙ 90 ගණන්වල අග. දැන් එයින් අවුරුදු 20ක් ගිහින්. තාම ඒ ගැන කිසිම දෙයක් කරල නෑ. ඒකට තියෙන ලොකුම competition එක ඉන්දියාව. උන්ගෙ ඉන්න සෙනඟ එක්ක අපිට market value එකක් ගන්න බෑ.

දැන් තියෙන ගෝලීය ආර්ථිකයෙ market values set කරන්නෙ උන් දෙගොල්ලො නම් අපට උන්ට මුක්කු ගහන්නම වෙනවා. අපට මේ චූටි resources ටිකක් තියාගෙන stand-alone economy එකකට යන්න පුළුවන් පාරක් මටත් පේන්නෙ නෑ. (මම science කරපු කෙනෙක්. එහෙම දෙයක් කරන්න පුළුවන් ක්‍රමයක් දන්න කෙනෙක් කියත්වා).

වීනය, ඉන්දියාව සහ ඇමරිකාව

දැන් මෑතකදි Chinese, Indian සහ American ventures ලංකාවෙ 99 අවුරුදු බද්දට ඉඩම් අරගෙන යම් යම් දේවල් කරන්න ප්ලෑන් තියෙනව කියල නිව්ස් ආවා. ඒවා දැක්කම ලංකාවේ අයට හිතට හරි නෑ. මම කියන්නෙ දැන් කරන්න දෙයක් නෑ, අපි වැටිල ඉන්නෙ කියන එක තේරුම් ගන්න ඕන. එන එකාට එන්න මෙතන කාලෙකට stable business එකක් කරන්න පුළුවන් කියන දේ දෙන්න වෙනවා.

හැබැයි මම ඒකෙන් කියන්නෙ නෑ හෙන strategic points දෙන්න කියන එක. මට ළඟදි යාළුවෙක් කිව්වා American project එකක් Trinco bay එකේ propose කරල තියෙනව කියල. Trinco වලට ඇමරිකාවෙන් ඉව අල්ලන්නෙ මං හිතන්නෙ සීතල යුද්ධ කාලෙ ඉඳන්. උන්ගෙ targets බලන්න. කොච්චර කාලයක් ඉවසීමෙන් ඉන්නවද කියල target එකක් දුර්වල වෙනකන්. අපේ අය හිතන්නෙ අද project එකක් පටන් අරන් හෙට profit පෙන්නන්න ඕන කියල. හම්බන්තොට වරායට වුණේ ඒකනේ. අපේ කට්ටිය උඩ දාගෙන බැන්නා. අපේ අයට එපා එක දැක්කනෙ ලස්සනට දුර්වල වෙනකන් ඉඳල අරන් ගිය හැටි. ඒ වගේ තමා.

Like
Like Love Haha Wow Sad Angry

Leave a comment

Your email address will not be published. Required fields are marked *