මම මේ සින්දුව මුලින්ම ඇහුවේ මට වයස අවුරුදු 4ක් විතර වෙද්දි. ගෙදර තිබුණා Anthony Ventura Orchestra එකෙන් පරණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි සින්දු වල instrumental versions කරපු කැසට් එකක්. ඒකෙ තිබුණ සින්දු ඔක්කොම පට්ට සිරා. හැබැයි මේක තමයි cherry on top. තිබුණෙ B side එකේ පළවෙනි සින්දුව හැටියට. ඒ කාලෙ ඉඳල අද මේ වෙනකන් දිගටම කැමති සින්දුවක් තිබුණ නම් ඒ මේ සින්දුව: A Whiter Shade of Pale.
මම හිතන්නෙ මට වයස 22-23ක්වත් වෙනකන් දිගටම ඇහුවෙ මේ instrumental version එක. දවසක් හිතුණා මේකෙ voice එක්ක අහන්න. අවුරුදු 20ක් අහපු instrumental එකක original එක අහද්දි ආවෙ විස්තර කරන්න අමාරු වෙනස්ම හැඟීමක්. පස්සෙ කාලයක් යනකන් මම ඔරිජිනල් එක ආයෙ ඇහුවෙ නෑ. දැන් නම් මේකෙ original එක, cover versions, theatre versions, concert versions, වෙනස්ම ගායකයින් විසින් වෙනම productions විදියට කරපු modified musics එක්ක කරපු versions එකී මෙකී නොකී හැම විදියකටම සින්දුව අහල තියෙනවා. එච්චරටම පිස්සුවක් මේ සින්දුව.
ගීතය
එංගලන්තයේ Essex ප්‍රාන්තයේ වූ සංගීත කණ්ඩායමක් වුණ Procol Harum කියන බෑන්ඩ් එක තමයි සින්දුව කරල තියෙන්නේ. ගායනය Gary Brooker. මේක release වෙද්දි ඔහුට වයස 22යි. සින්දුව ලියන්නෙ Gary Brooker සමඟින් Keith Reid. ඔහුත් සමකාලීනයෙක්. මේක release වෙනකොට ඔහුටත් වයස 21යි. Procol Harum band එකේ පළවෙනි සින්දුව. පසු කාලීනව මේකෙ lyrics සහ තනුවේ අයිතිය වෙනුවෙන් නඩුවකුත් යනවා. එහිදී Procol Harum කණ්ඩායමේ Organ වාදක Mattew Fisherටත් හිමිකමක් තිබෙන බව පිළි ගැනෙනවා. තනුව Johann Sebastian Bach කියන classical musicianගෙ Air on the G string හි තනුව අනුසාරයෙන් ගොඩනැගුණු බව Gary Brook සංවාදයකදී කියනවා.
ජනප්‍රියත්වය
සින්දුව හිතාගන්න බැරි විදියට ජනප්‍රිය වෙනවා. රටවල් 19ක chart වල අංක 1ට එනවා. තවත් රටවල් 10ක Top 10 වලට එනවා. රටවල් 4ක Year-end charts වල Top 10 අතරට එනවා. අන්තර්ජාලය වගේ fast marketing network එකක් නැතුව පිටපත් මිලියන 10කට වඩා විකිණෙනවා. ඒක ඒ කාලෙ හැටියට සෑහෙන විරල දෙයක්.
Brit Awards වල Queen සංගීත කණ්ඩායමේ Bohemian Rhapsody ගීතය සමඟ joint award එකක් දිනනවා “The Best British Pop Single” 1952–1977 කාලය සඳහා. ඒ වගේම 1998දී Grammy Hall of Fame වෙතත් එකතු වෙනවා.
2009 වෙද්දි වසර 75ක් ඇතුළත UK වල the most played song එක බවටත් පත් වෙන්නෙත් මේ ගීතය.
තේරුම
මේ සින්දුවේ විශේෂත්වයක් වෙන්නේ මෙච්චර ජනප්‍රියත්වයක් ලබාගත්ත සින්දුවට literal meaning එකක් නෑ. ඒකට මේකෙ lyricist වන Keith Reid දෙන උත්තරේ වෙන්නෙ, මේකෙ පද පෙළ abstract art එකක් වගේ කියලා. ගීතයේ තනුවට ගැලපෙන්න ලියූ පදපෙළක් නමුත් යටිපෙළ අතරේ තැනින් තැන කියවෙන කතාව Keith Reid විසින් party එකකදී කෙනෙක් කියූ කතාවක ඇසුණු කොටසක් ඇසුරින් ලියවුණ බව ඔහු කියනවා. සින්දුවේ තේරුම හොයන එක ඔබට බාර දෙන්නම් මොකද ඒක තමන්ම කරන්න ඕන දෙයක්. ඒ process එකේ යන්න කැමති කෙනෙක් හිටියොත් ඒ කෙනාට ඒ ගමන spoil කරන්න ඕන නැති නිසා ඒ ගැන මම ලියන්නෙ නෑ.
තමන්ම හිතලා තේරුමක් හොයන්න කම්මැලි නම් විතරක් මේක අහන්න. 👇️
ප්‍රතිචාර
දැනට (2023) මේ ගීතය release වෙලා අවුරුදු 56ක්.
එදා මෙදා තුර මිලියන ගාණක් මිනිස්සු සින්දුව අහල ඇති. YouTube එකේ තියෙන copies ඔක්කොම වගේ අඩුම ගාණෙ 1 Million views තියෙනවා. මම මේකෙ උඩ දෙවෙනියට attach කරල තියෙන video එකට 122 Million view තියෙනවා. මම ළඟදි දැක්ක කමෙන්ට් එකක තිබුණා, first date එකට ගිහින් එන ගමන් මේ සින්දුව play කරලා, ඒ ඇති වුන connection එක අවුරුදු 34ක විවාහ ජීවිතයක් දක්වා ගිය හැටි ගැන.
ඒ වගේම තාමත් අපි වගේ Millennnialsලා විතරක් නෙවෙයි Gen Z, Gen Alpha generation වල අය පවා අලුතින් අහන්න පටන් ගන්න බව පේනවා සමහර reaction videos සහ ඒවායේ comments දැක්කම. ඒ එක්කම කියන්න ඕන මම දැනට reaction videos දැක්කා 100කට වැඩිය (ඔක්කොම බැලුවෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ 😛️).
ඒ හැම එකකම තිබුණේ 2006දි Gary Brooker සහ Procol Harum වල ඉතුරු වෙලා හිටපු කිහිප දෙනෙක් Danish National Concert Orchestra එකත් එක්ක කරපු performance එක. ඒකෙ intro එක ටිකක් දිගට ඇදුනට ඉතුරු ටික නම් පිස්සු හැදෙනවා. ඒක අහන්නම වටින performance එකක්. ඔය වෙද්දි Gary Brookerට 61ක්. ගීතය නිකුත් වෙන කාලයෙ තරුණ වයසෙ හිටපු අය කියන්නේ ඔහුගේ කටහඬ තරුණ කාලයටත් වඩා මේ performance එකේ ලස්සනයි කියලා.
End of a journey, not!
කොහොම නමුත් ගිය අවුරුද්දෙ පෙබරවාරි වල Gary Brooker මිය යනවා. එතකොට ඔහුට වයස 76ක්. සංගීත කණ්ඩායමත් නවතිනවා. Procol Harum කණ්ඩායමේ one-hit wonder එක විදියට හැමදාමත් මතකයේ තියේවි.