Top Gear බලල තියෙනවද? බලල තියෙන අය දන්නව ආතල් එක. මම දැකපු මේ ලෝකෙ සුපිරිම ෆන් එක ගත්ත ටීම් එක තමයි උන් තුන්දෙනා. Jeremy Clarkson, James May සහ Richard Hammond. උන්ට හිතෙන්නෙ මොකක්ද ඒක උන් කරනව. උන් කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ෆැන්ටසි වල තියෙන උන්ට කරගන්න බැරුව ඉන්න ඒවා කරල පෙන්නන එක. මිනිස්සු කැමතියි අඩු ගාණෙ ඒවා බලලවත් සැනසෙන්න.
මේක motor show එකක්. ඒ කියන්නෙ රථගාය තියෙන උන්ට කරපු TV show එකක්. මේකෙ විවිධ ෆෝමැට් තිබුණා. Studio segment එකක් එක්ක පොඩි outdoor segments කීපයක් ඒ වගේම පොඩි වෙලාවක් යන special segments එක්ක තමයි බොහෝ විට වැඩේ යන්නෙ. Special segments කිව්වම වෙලාවකට මුන් පොඩි කාර් තුනක් අරන් යුක්රේනෙ දකුණු කෙළවරේ ඉඳන් උතුරු කෙළවරේ චර්නොබිල් වලට යන road trips වගේ ඒවා තමයි මෙයාලගෙ short specials වල තියෙන්නෙ.
ඒ අතරට අතරින් පතර සමහර සීසන් වල touring specials එහෙමත් ඇතුළත්. ඒ කියන්නේ මුන් තුන් දෙනා වෙන වෙනම වාහන තුනක් අරගෙන ලෝකෙ කොහේ හරි තියෙන අමුතුම පළාතකට ගිහින් වෙනස්ම ආතල් එකක් ගන්නවා. වෙලාවකට ලෝකෙ තියෙන වැඩිම මිල වටිනාකම තියෙන අලුත්ම කාර් ටිකක් අරන් French Rivera එකේ road trip එකක් යනවා, එහෙමත් නැත්තං කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන ලොරි කබල් ටිකක් අරන් බුරුමෙ ඉඳන් තායිලන්තෙට යනවා. එහෙමත් නැත්තං හෙනම domestic usage එකට හදපු wagons cars තුනක් අරන් අප්‍රිකාවෙ off road යනවා. ඒ වගේ පිස්සු විකාර ආතල් තමයි මුන් තුන්දෙනා දෙන්නෙ.
මේ වර්ග දෙකේම specials වල තියෙනවා විවිධ විකාරරූපී challenges. Chernobyl වලට යන්න කලින් petrol ඉවර කරගන්නෙ කවුද බලන්න, ලාබදායක විදියට Limousine එකක් හදන්න, ලාබෙට electric cars හදන්න, hovercraft හදන්න, වේගවත්ම airport service vehicle එක මොකක්ද වගේ අමුතු තාලේ challenges තමයි තියෙන්නෙ.
මේවා නිකම්ම කරන්නන් වාලෙත් නෙවෙයි මුන් කරන්නෙ. කරන්න පුළුවන් අමුම ගොන් විදිහට ඒක ෆුල් ජෝක් එකක් වෙන්න තමයි කරන්නෙ. ඉතිං ආතල් එක උපරිමයි. Jamesගෙ වචන වලින්ම කියනව නම් “deliberately being ridiculous”.
මම ආසම short specials ටිකක් සහ touring specials ටිකක් list කරන්නම්.
Short specials
- Trip through Ukraine in compact hatchbacks
- Airport vehicle motor-sport
- Attempt to build a train from cars
- Truck driving challenge
- Rescuing Richard from Lone Wolf Mountain
- Prove that the hot hatchbacks of their youth were better
Long specials
- Africa Special
- India Special
- Burma Special
- Bolivia Special
- Middle-East Special
- Patagonia Special
- Polar Special
අමුතුවෙන් කියන්න ඕන නෑ මේවා වාහන පිස්සෙක්ගෙ හීන. මේ සේරම එක මනුස්සයෙක්ට ජීවිත කාලෙදි කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතිං හැමෝම කැමතියි මේවා කරනව බලල ඒ ආතල් එක ගන්න.
Top Gear ලෝකෙන්ම most popular motor show එක වුණේ අන්න එහෙම.
ඊළඟ පෝස්ට් එකෙන් කියවන්න how Top Gear as we know has ended ගැන. සිංහලෙන් කියනව නං අපි දන්න Top Gear එක ඉවර වුණ හැටි ගැන.