විනාඩි 5ක් යන වැඩක් තත්පර 5න් කරන්න දවස් 5ක් මහන්සි වෙලා automate කරන මිනිස්සු අපි.
Meme pages දැක්කම අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට හැමදාම එකම template එකෙන් පෝස්ට් වැටෙන්නෙ. පෝස්ට් එකේ content එක විතරයි වෙනස් වෙන්නේ. මේක බලාගෙන හිටපු මට හිතුණා ඕක හැමවෙලාවෙම Photoshop හරි වෙන මොකක් හරි image editing app එකකින් හදලා Facebook open කරලා ඒකට upload කරලා caption දාලා share කරනවාට වඩා, පොඩි web app එකකින් text inputs විදියට content එක විතරක් අරන් image එක generate කරවගෙන ඒකෙන්ම single click එකකින් Facebook page එකට upload කරන්න තිබුණ නම් ලේසි නැද්ද කියල.
ඉතිං හැදුව මම එහෙම එකක්. මේක සෑහෙන ප්‍රාථමික මට්ටමේ තියන්නේ. image generation එක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කරලා image එක ගන්න පුළුවන්. Mobile එකෙන් නම් image එක directly social media platform එකකට post කරන්න පුළුවන් Share option එක පාවිච්චි කරලා. මේකෙ දැනට single click upload එක ඕනම Facebook page එකකට ලින්ක් කරන්න හැකියාවක් නෑ. දැනට තියෙන විදියට මගේ page එකට මගේ පුද්ගලික ගිණුමෙන් log වෙලා publish කරන්න විතරයි පුළුවන්.
තාක්ෂණික පැත්තෙන් සඳහනක් කළොත්, මම මේකෙ අමුතුවෙන් අලුතෙන් මොනවත් ලියල නෑ. තැන් තැන් වල තිබුණ project කිහිපයකින් සහය අරන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන්න හැඩගැස්වුවා විතරයි. සිංහල සඳහා UCSC එකෙන් හදපු unicode converter එක මලින්ත සමරකෝන් විසින් edit කරපු version එකක් පාවිච්චි කරලා unicode to ASCII convert කරලා තමයි image එකට යන්නේ. මලින්තට සහ UCSC එකට ඒ සඳහා ස්තුතිය Image generation එක PHP-gd පාවිච්චි කරලා ලියපු gd-text කියල library එකකින් තමයි වෙන්නේ.
පහුගිය ටිකේ මම ශෙයා කරපු පෝස්ට් දැක්ක නම් අන්න ඒ විදියට හදල ශෙයා කරපු මෙන්න මේ වගේ පෝස්ටුත් දකින්න ඇති.
App එක: https://projects.nipunadodan.com/dodanperks/
Repository එක: https://github.com/nipunadodan/php-gd-meme-generator
මේක ඇත්තටම ආතල් එකට කරපු පොඩි pet project එකක්. අදහස් තියේ නම්, අවුල් තියේ නම් කියන්න.