කෝ බලන්න කීදෙනෙක් ඉන්නවද කියල කෝච්චියෙ ගිහිල්ල නැති? මම හිතන්නෙ අඩුම තරමෙ විනෝද චාරිකාවට හරි ජීවිතේ එක පාරක්වත් කෝච්චියෙ ගිහින් ඇති මේක කියවන හැම කෙනෙක්ම… ඔය කෝච්චියෙ ගියපු අය ටිකකට කල්පනා කරල බැලුවද මේ සද්දන්ත වාහනේ වැඩ කරන්නෙ කොහොමද කියල.
මේ හැමෝම දන්නව ඇතිනෙ සාමාන්‍ය මෝටර් රථයක් වැඩ කරන්නෙ කොහොමද කියල. කෝච්චියෙ එන්ජිමත් ඒ වගේමයි. හැබැයි ඒ බලසැපයුම් එන්ජිමෙන් නිපදවන බලය රෝද වලට ලබාදෙන්නෙ ටිකක් වෙනස් විදිහකට. කෝච්චිය සුළු පටු බරක් තියෙන වාහනයක් නෙවෙයි නෙ. ඒ කියන්නෙ ලොකු අවස්ථිතියක් තියෙන මහ විසාල යකඩ ගොඩක්. ඉතිං කෙලින්ම එන්ජිමෙන් ඇක්සලවලට බලය දුන්නොත් මොන වගේ දෙයක් වෙයිද?
ඩීසල් බලසැපයුම් එන්ජිම අළුත්වැඩියාවක –youtube.com |
පොඩ්ඩක් හිතල බලන්න. ලොකු අවස්ථිතියක් තියෙන දෙයක් චලනය කරවන්න ලොකු බලයක් දෙන්න වෙනවා… ලොකු බලයක් එකවරම ඇක්සල වලට දුන්නොත් වෙන්නෙ ඇක්සල කැඩිල යන එක. ඒ නිසා ලබා දෙන බලය සුමටව අඩු බලයක සිට ක්‍රමයෙන් වැඩිවන ලෙස ලබාදෙන්න ඕන. කුඩා මෝටර් රථයක මේ කාරණාව ඉෂ්ඨ කරගන්න පාවිච්චි කරන්නෙ ක්ලච් එකක්. නමුත් මෙවැනි අධික බලයක් හුවමාරු කරන්න දුම්රිය එන්ජිමට ක්ලච් එකක් දාල පුළුවන් වේවිද?
උත්තරේ ‘බෑ’. ක්ලච් එකටත් වෙන්නෙ එදාම ආපහු යකඩ බඩු කඩේට යන්න තමා. එතරම් බලයක් දරා ගන්න බැරිව කැඩිල යනවා. එහෙනම් මොකද කරන්නෙ.
මේකට පිළිතුරු කීපයක් තියෙනව. එයින් ප්‍රධානම පිළිතුරු දෙකෙන් එකක් තමයි ‘ඩීසල්-විදුලි’ බල සම්ප්‍රේෂණ ක්‍රමය. අනෙක තමයි ‘ඩීසල්-ද්‍රවශක්ති’ බල සම්ප්‍රේණ ක්‍රමය. මෙයින් ‘ඩීසල්-විදුලි’ ක්‍රමය පහසු සහ වියදම් අඩු ක්‍රමවේදයක්. ‘ඩීසල්-ද්‍රවශක්ති’ ක්‍රමය ඊට වඩා සුමටව බලය සම්ප්‍රෙෂණය කළ හැකි ආකාරයක්. නමුත් මූලික වියදම මෙන්ම නඩත්තු වියදමත් අධිකයි.
ඩීසල්-විදුලි (Diesel-Electric)
අපි මුලින්ම සරල ක්‍රමවේදය වන ‘ඩීසල්-විදුලි’ ක්‍රමය ගැන කතා කරමු.
‘ඩීසල්-විදුලි’ බල සම්ප්‍රේෂණ ක්‍රමය කැටි රූපසටහනක් |
රූපසටහනේ පෙන්වල තියෙන ආකාරයට මේකෙදි සිද්ධවෙන්නෙ සුවිසල් ඩීසල් එන්ජිමක් මගින් විදුලිය නිපදවා විදුලිය අවශ්‍ය පරිදි පාලනය කරමින් ඇක්සල වලට සවිකර තිබෙන ට්‍රැක්ෂන් මෝටර් නමින් හඳුන්වන මෝටර් වලට ලබාදීමයි. එම මෝටර මගින් ඇක්සල කරකවා ගමනට අවශ්‍ය චාලක ශක්තිය ලබාදෙනවා. මෙම ක්‍රමය සරල නමුත් අද වන විට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දුම්රිය එන්ජින් සඳහා වන බල සම්ප්‍රේෂණ ක්‍රමය වෙන්නෙත් මෙයමයි. මේ ක්‍රමය දුම්රිය එන්ජින් සඳහා පමණක් නොවෙයි රළු මාර්ග සඳහා භාවිතා වන අධිබර වාහන සඳහාත් භාවිතා කරනවා.
‘ඩීසල්-විදුලි’ ක්‍රමය විස්තරාත්මකව -wikipedia |
ඩීසල්-ද්‍රවශක්ති (Diesel-Electric)
මීළඟට ‘ඩීසල්-ද්‍රවශක්ති’ ක්‍රමය ගැන කියනවා නං මුළු පෝස්ට් එකක්ම ඒ වෙනුවෙන් ලියන්න තරම් දේවල් තිබුණත් කෙටියෙන් මෙහෙම කියන්නම්.
‘ඩීසල්-හයිඩ්‍රෝලික්’ බල සම්ප්‍රේෂණ ක්‍රමය කැටි රූපසටහනක් |
කලින් මෙන්ම දැවැන්ත ඩීසල් එන්ජිමක් මෙහිත් තිබෙනවා. එයින් ලැබෙන ව්‍යාවර්තය (Torque) සුමට බල සම්ප්‍රේෂණයක් ලබාදීමට යොදා තිබෙන Torque Converter නමින් හඳුන්වන උපාංගය වෙත ලබාදෙනවා. මෙහිම කුඩා පරිමාණ උපාංගයක් automatic gear පද්ධතියක් සහිත මෝටර් රථවලත් තිබෙනවා.
Torque Converter එකක් –web.mit.edu |
තව දුරටත් ඉදිරියට යන්න නම් torque converter එකක තිබෙන කොටස් හඳුනාගන්න වෙනවා. Torque converter එකක් තුල impeller සහ turbine යනුවෙන් හඳුන්වන කොටස් දෙකක් තිබෙනවා. Impeller එක සහ turbine එක යන දෙකෙහිම ඇතුලතින් දැති පිහිටා තිබෙනවා. ඉහත රූපසටහනේ ඔබ දකින ආකාරයට impeller housing එක තුල රතු පැහැයෙන් දක්වා ඇති turbine යනුවෙන් හඳුන්වන කොටස impeller එක සමඟ කිසිඳු සම්බන්ධයක් නැහැ. නමුත් impeller housing එක වැඩි ද්‍රවස්ථිස්ථියක් තිබෙන තෙල් වර්ගයකින් පුරවා තිබෙනවා.
ක්‍රියාකාරීත්වය බැලුවොත් මෙහිදී input shaft එකෙන් Torque converter එක වෙත ලැබෙන ව්‍යාවර්තය එයටම ස්ථිරව සවිකර ඇති impeller නම් කොටසට ලැබෙනවා. දැන් impeller එක කරකැවීමේදී එහි තිබෙන දැති මඟින් ඇතුලත පුරවා තිබෙන තෙල් ද කැරකීමට ලක් කරනවා. එම දැඩි දුවස්ථිතියක් සහිත තෙල් කැරකීමේදී තෙල් තුල බහා ඇති turbine කොටසද කැරකෙන්නට පටන් ගන්නේ එහි ඇති දැති සහිත ස්වභාවය නිසයි.
Impeller එක සහ Turbine එක ඇතුලත පෙනුම |
උදාහරණයකට ෆෑන් දෙකක් එකිනෙකට මුහුණ ලා තබා එකක් ක්‍රියා කරවූ විට අනික ඉබේ කැරකීමේ සංසිද්ධියට සමාන ක්‍රියාවලියක්ම මෙහිදීත් සිදුවෙනවා. මෙහි තවත් වැඩිදියුණු කළ අංග තිබෙන මුත් ලිපිය අනවශ්‍ය ලෙස දිගුවන නිසා විස්තර කලේ නෑ. කලින් රූපසටහනේ ඇති reactor එක ඒ හා සම්බන්ධ දෙයක්. විස්තර අවශ්‍ය නම් අහන්න. නැත්නම් ගූගල් කර බලන්න.
ඉතිං දැන් turbine කොටසට සවිකර ඇති output shaft එකෙන් රෝද කරා බලය ගෙන ගොස් එන්ජිම ධාවනය කරවනවා.
ඩීසල් – යාන්ත්‍රික (Diesel-Mechanical)
මීට අමතරව සම්පූර්ණයෙන්ම කුඩා මොටර් රථයක ආකාරයේ බල සම්ප්‍රේණ ක්‍රමය භාවිතා කරන කුඩා දුම්රිය එන්ජින්ද තිබෙනවා. කලක් විහාරමහා දේවි උද්‍යානයේ තිබූ කුඩා එන්ජිම එවැන්නක්. එහි තිබුණෙ බස් එන්ජිමක් තරම් වූ කුඩා එන්ජිමක් J