උඩරට එන්ජින් චක්‍ර

Share

සටහන: මෙම චක්‍රය S12 ආගමනයත් සමඟ වෙනස් වී ඇත.

කොළඹින් උදේ 0555ට බදුලු යන පොඩි මැණිකේ (up PM) අරන් යන එන්ජිම, එදිනම බදුල්ලෙන් සවස 6:00ට කොළඹ එන රාත්‍රී තැපැල් දුම්රියට (down NM) සහයක එන්ජිම (helper/banking engine) වශයෙන් පට්ටිපොල දක්වා ගමන්කරනවා. ඒ බදුල්ලේ සිට පට්ටිපොල දක්වා නැග්ම තරණය කිරීමට ප්‍රධාන එන්ජිමට සහය වීමටයි. ඉන්පසු ඇත්තේ බෑවුම නිසා සහයක එන්ජිමක් අවශ්‍ය නැහැ.

එම නිසා එම (සහයක) එන්ජිම දුම්රියේ ඉදිරියට ගෙන එන්ජින් ද්විත්වයක් ලෙස (double headed) නාවලපිටිය දක්වා ගමන් කරනවා. මෙතෙක් වේලා banking engine එක විදිහට ආපු එන්ජිම මින් ඉදිරියට pilot engine එක (එන්ජින් ද්විත්වයක් විසින් අදින දුම්රියක ඉදිරිපස එන්ජිම) ලෙසිනුත් හැඳින්වෙනවා. මේ කාලය තුල  train engine එක (දෙවැනියට තිබෙන එන්ජිම) idle තත්වයේ පවතිනවා. අළුයම 1:20ට පමණ නාවලපිටියට දුම්රිය ළඟාවෙන අතර නාවලපිටියේදී pilot engine එක ලෙස පැමිණි එන්ජිම ගලවා ඉවත් කෙරෙන අතර ඉතිරි තනි එන්ජිමෙන් කොළඹ බලා ධාවනය වෙනවා.

class M6 788 උදෑසන බදුලු පොඩි මැණිකේ රැගෙන බදුල්ල බලා යන ගමන් නාවලපිටියේදී

රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ලේ සිට පට්ටිපොල දක්වා පැමිණෙන අයුරු. ඉදිරිපස pilot engine එකද පසුපසින් helper හෙවත් banking engine එකත් දැක්වෙනවා, පින්තූර විකිපීඩියාවෙන්
පට්ටිපොලින් පසු නාවලපිටිය තෙක් ගමන මේ විදිහටයි, පින්තූර විකිපීඩියාවෙන්
කොළඹ යන රාත්‍රී තැපැල් දුම්රිය පට්ටිපොලදී…මෑතින් ඇත්තේ down NMහි පුධාන එන්ජිම වූ M6 783, ඈතින් ඇත්තේ එදින උදේ up PM ගෙනා M6 788 (දැන් dn NMහි pilot engine එක)

නාවලපිටියේදී ගලවා දැමුණු එන්ජිම (පෙරදා up PM ගෙන ගිය එන්ජිම), පසුදා උදෑසන M5 හෝ W3 එන්ජිමක් මගින් ඇදගෙන එනු ලබන මහනුවරින් පිටත් වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නාවලපිටියේ සිට බදුල්ල කරා ගෙන යාමට භාරගනු ලබනවා. එම දුම්රිය බදුල්ලට ළඟා වූ පසු එදිනම සවස 6:00ට කොළඹ බලා එන රාත්‍රී තැපැල් දුම්රියේ (down NM) ප්‍රධාන එන්ජිම ලෙස කොළඹ බලා ගමන් කරනවා.

මේ එක චක්‍රයක්. තව එකක් තියෙනවා…

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා රාත්‍රි තැපැල් දුම්රියේ (up NM) ප්‍රධාන එන්ජිම ලෙසින් යන එන්ජිම පසුදා බදුල්ල සිට මහනුවර දක්වා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගම්පොළ දක්වා අදිනු ලබනවා. (එතැන් සිට මහනුවරට එම දුම්රිය ගෙන යනු ලබන්නේ W3 හෝ M5 වර්ගයේ එන්ජිමක් මගිනි.) ඉන්පසු එදිනම රාත්‍රියේ up NM එකේ banking engine එක ලෙස ගම්පොළ සිට පට්ටිපොලටත් ඉන්පසු pilot loco එක ලෙස බදුල්ලටත් (බදුල්ලට ළගා වන්නේ පසුදා පාන්දරයි) ගමන් ගනී. ඉන්පසු එදින (එනම් කලින් කී පසුදින) උදේ 08:50ට පිටත්වී කොළඹ එන පොඩි මැණිකේ (down PM) රැගෙන කොළඹ එන්නේද මෙම එන්ජිමමයි.

සාමාන්‍යයෙයන් කෙළඹ බදුල්ල උඩරට මැණිකේ සඳහා යන එන්ජිමට මෙවන් චක්‍රයක් නැති අතර උදේ කොළඹින් යන up UM ගෙන යන එන්ජිම පසුදා down UM රැගෙන කොළඹ පැමිණෙයි.

S12 ආගමනය හා උඩරට එන්ජින් චක්‍ර

දන්න තරමින් S12 වලට නම් නිශ්චිත චක්‍රයක් නැහැ. උදෑසන කොළඹින් පිටත්වන කට්ටලයක් පසුදා උදෑසන බදුල්ලෙන් පැමිණෙන දුම්රියක් සමඟ නැවත කොළඹ එවනවා ඇති..

සටහන II: M6 චක්‍රය S12 ආගමනයත් සමඟ මඳක් වෙනස් වී තිබෙනවා. ඉහත සටහනේ අවසානයේ කී, එකල බදුල්ලෙන් down PM රැගෙන ආ එන්ජිම ඊළඟ down NM එකේ banking එක හැටියට යොදන තුරු විවේකයක් ගන්නවා. එපමණයි වෙනස් වී ඇත්තේ