උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්න එන්න

Share

උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්න, කොළඹ සිට උදේ 0555 පොඩි මැණිකේ (බදුල්ලට සවස 4:00), උදේ 0830 උඩරට මැණිකේ යන දුම්රිය වලින් බදුල්ල කරා යන්න.

පොඩි මැණිකෙ දුම්රියෙන් යාම වඩාත් හොඳයි. මොකද මේක උදේම පිටත් වෙලා ඉර බැහැල පරිසරය අඳුරු වෙන්න කලින් ගමනාන්තයට යනවා. ඒත් උඩරට මැණිකෙ එහෙම නෙවෙයි ගොඩක් හවස් වෙනව ගමනාන්තයට යනකොට. ඡායාරූප ගන්නා අයට අවට අඳුර බාධාවක් වෙයි ඒකෙ ගියොත්. උඩරට මැණිකෙ බදුල්ලට යන්න නියමිත හවස 6:22ට. ඒත් ඒ පැත්තෙ තියෙන කාලගුණෙත් එක්ක හවස 5 විතර වෙනකොට අඳුරු වෙනවා.

ඉතිං ඔබත් යන්න ලංකාවේ සුන්දරතම දුම්රිය මාර්ගයේ සිරි නරඹන්න.එහිදී හමුවන සුවිශේෂ ස්ථාන පින්තූර වලින්ම බලන්න මෙන්න මම ගත්ත පින්තූර ටිකක්,

බලන සිංහ කට
බලන සිංහ කට
පේරාදෙණිය දුම්රිය මාර්ග ත්‍රිකෝණය
පේරාදෙණිය දුම්රිය මාර්ග ත්‍රිකෝණය
නාවලපිටිය පැරණි ධාවනාගාරය
නාවලපිටිය පැරණි ධාවනාගාරය
රොසැල්ල S වංගුව
රොසැල්ල S වංගුව
දුම්රිය මාර්ගයේ දිගින් වැඩිම සිංගිමලේ උමඟ
දුම්රිය මාර්ගයේ දිගින් වැඩිම සිංගිමලේ උමඟ
වටගොඩ තේ වතු

කඳු වලල්ලකින් වටවී ඇති දැවැන්ත බේසමක හැඩැති නිම්නය, මනරම් තේ වතු වලින් වැසී ගත් කඳුයායවල් වලින් පිරුන ග්‍රෙට් වෙස්ටර්න් ප්‍රදේශය

පැරකුම්පුර හා අඹේවෙල අතරදි හමුවෙන හෝටන්තැන්න වනය මැදින් මතුවෙන අතිශයින්ම සුන්දර එල්ජින් ඇල්ල

සුන්දර එල්ජින් ඇල්ල

ගමනේ සිසිල්ම දේශගුණය විඳින්න පුළුවන් පට්ටිපොලදි. එපමණක් නොව ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙම broad gauge දුම්රියක් යන උසම තැනත් බලාගන්න පුළුවන්.

ලංකාවෙ උසම දුම්රිය ස්ථානය
ලංකාවෙ දුම්රිය මාර්ගයෙ ඇති උසම ස්ථානය
උසම තැන පසු කරන පොඩි මැණිකේ

දුම්රිය ස්ථාන දෙකක් අතර ලංකාවේ වැඩිම බිංගෙවල් ගණන තියෙන්නෙ ඔහිය ඉදල්ගස්හින්න ස්ටේෂන් අතර. එය ගණනින් 14ක් (අංක 21 සිට 35 දක්වා)

බිංගෙයකට ඇතුලු වෙමින්
බිංගෙයකට ඇතුල්වෙමින්

කොළඹ සිට බදුල්ල දක්වා සියළුම උමං (බිංගෙවල්) ගණන 45ක්. (5A හා 9A ඇතුළුව)

දෙමෝදර දුම්රිය ස්ථානයට යටින් ඇති බිංගෙය සහ සුප්‍රකට ආරුක්කු නවයේ පාලම (9 Arch) ඊට පස්සෙ බලන්න පුළුවන්

සුප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම

පොඩි මැණිකේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන (කොළඹින් උදේ 05:55)

  • රාගම
  • ගම්පහ
  • වේයන්ගොඩ
  • පොල්ගහවෙල
  • රඹුක්කන
  • කඩුගන්නාව
  • පිළිමතලාව
  • පේරාදෙණිය

වගේ සුළු දුම්රිය ස්ථාන ගණනකයි පේරාදෙණියට වෙනකං කෝච්චිය නවත්තන්නෙ. ඊට පස්සෙ

  • ගම්පොළ
  • නාවලපිටිය
  • ඉඟුරුඔය
  • ගල්බොඩ
  • වටවල
  • ඉහළ වටවල
  • රොසැල්ල
  • හැටන්
  • කොටගල
  • තලවකැලේ
  • වටගොඩ
  • ග්‍රේට් වෙස්ටර්න්
  • රදැල්ල
  • නානුඔය
  • පැරකුම්පුර
  • අඹේවෙල
  • පට්ටිපොල
  • ඔහිය
  • ඉදල්ගස්හින්න
  • හපුතලේ
  • දියතලාව
  • බණ්ඩාරවෙල
  • කිණිගම
  • හීල්ඔය
  • කිතල්ඇල්ල
  • ඇල්ල
  • දෙමෝදර
  • උඩුවර
  • හාලිඇල
  • බදුල්ල

මතක ඇතුව ඊළඟ නිවාඩුවෙදි කෝච්චියෙන් බදුලු යන්න 🙂