පරණ යකඩ

Share

පරණ යකඩ කිව්වම මොනවද මතක් වෙන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක් දර දිය ඇද්ද හොඳම එන්ජින් යන්ත්‍රවලටත් පරණ යකඩ බවට පත් වෙන්න වෙලා කියල කියනවා.

ශ්‍රී ලංකාවෙ දුම්රිය ක්ෂේත්‍රය තුළ මේක අලුත් කතාවක් නෙවෙයි. දැන් අවුරුදු ගාණක ඉඳන්නෙ අපි මේ කතාව අහන්නෙ. හැමදාම කියනවා M2 ටික අයින් කරනවා කියල. නැත්තං M6 ටික අයින් කරනව කියල. තාම වුනේ නෑනේ. වුනේ නෑ කියන්නෙ කරගන්න බෑ. අයින් කලොත් මොනවයින්ද දුවන්නේ.

මේ පාර කතාව ටිකක් විතර අලුත්. මේ පාර කියන්නේ, අලුත්වැඩියාවන්ට අවශ්‍ය අමතර කොටස් ගෙන්වීම නවත්වනවා කියලයි. මේකෙන් ව්‍යංගව කියන්නෙ වෙන මොනවත් නොවෙයි මේ එන්ජින් ධාවනයෙන් ඉවත් කරනවා සහ අවසානයේ පරණ යකඩවලට කැපිල යනවයි කියන එක.

කොහොම වුණත් මේ රටේ හැම දෙයක්ම කෙරෙන්නෙ අනිත් පැත්තටනේ. මේකත් එහෙම වෙන එකේ ඉතිං පුදුමයක් නෑ. අනිත් පැත්තට කිව්වේ, replacement එකක් නැතුව පරණ දේවල් අයින් කිරීම නැත්තං නොගැලපෙන replacement එකක් එක්ක හොඳට වැඩ කරන පරණ දේවල් අයින් කිරීම.

පරණ දේවල්

M2, M4 සහ M6 පරණයි. ඇත්ත කතාව. කිසිදෙයක් සදාකාලික නෑ. ඒකත් ඇත්ත. ඒවාට ඉස්සර වගේ වැඩ කරන්න බෑ. ඒකත් ඇත්ත. හොඳම උදාහරණේ M6. පෙට්ටි 6 කන්දෙ ඇදගන්නෙ ගේමක් දීල කියන එක හැමෝම දන්නවා. මේවයේ fail rate එකත් එන්න එන්නම වැඩි වෙනවා. දැන් මේ කියන එන්ජින් වලින් රටේ ප්‍රධාන දුම්රිය අදින්නෙත් කීපයයි. නුවර intercity එක, මීනගයා, රැජින, 50 සහ වව්නියා intercity එක. මේවා අලුත් දුම්රිය කට්ටල් කීපයකින් replace කරන්න පුළුවන්. ඒකත් ඇත්ත.

රටට අලුත් locos/train sets ඕන. ඒකත් ඇත්ත. පරණ යල් පැන ගිය තාක්ෂණය එක්ක හොඳ performance බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම වුනොත් හැමදාමත් කොච්චි කැඩිල මග හිටින ඒවා, පරක්කු වෙන ඒවා එක්ක තමයි හැමදාමත් ඉන්න වෙන්නේ.

එහෙමයි කියල කොහොම හරි මේ වටිනා සම්පත් බැකප් එකකටවත් තියා නොගෙන විනාශ වෙන්න අරින්න ඕනද?

අලුත් දේවල්

ඊළඟට දැන් ඔය සෑහෙන්න බලාපොරොත්තු තියන් ඉන්න අලුතෙන් ගේනවයි කියන GE locos සුදුද කලුද / සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලවත් දන්නවාද? Indian DMUs තව එනවා, දැන් ඇවිල්ල තියෙන ඒවයේ තත්ත්වය අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

එහෙම තත්ත්වයක් උඩ ඉන්න ගමන් ඒවගෙන් මේවා replace කරන්න බලාගෙන මේවට supplies කපනවයි කියන්නෙ මහ ගොන් වැඩක්. හැබැයි ඕක විශේෂෙන් අමුතුවෙන් කියල කරන්න ඕන වැඩකුත් නෙවෙයි. දැනටත් කරන්නෙ ඒකමනේ. හදිස්සියේ මොනව හරි breakdown එකක් වුණාම spare parts එන්නෙ කී කාලයක් ගිහින්ද? ඉතිං ඕක දැනටමත් වෙන දෙයක්. මේකෙ අමුතු කතාවක් නෑ.

හැමදාම පරණ දේවල්ද?

හැබැයි මේකේ තවත් පැත්තකුත් තියෙනවා. අපි අලුත් ඒවා සහ පරණ ඒවා දෙකම maintain කරන්න සල්ලි වියදම් කරන්න ඕනද කියන එක. අන්න එතනදි අපිට තීරණයක් ගන්න වෙනවා. ඒකට විසඳුමක් හැටියට local trains වලට මේවා දාන එක කරන්න පුළුවන්. ලෝකෙ අනිත් රටවල් වල ඒක අනන්තවත් කරනවා. හොඳම උදාහරණය තායිවානය. ඔවුන්ගේ අති නවීන දුම්රිය නැතුව නෙවෙයි තාමත් G12 වලට 645 එන්ජින් තියල දුවන්නෙ අර යස අපූරුවට.

570 හැදුව එක මතකද? 591 හැදුව එක මතකද? ඒ කියන්නෙ මේවට spares නැතුවත් නෙවෙයි. දක්ෂ කාර්මිකයින් නැතුවත් නෙවෙයි. මෙතන කතාව තියෙන්නෙ තවත් කොමිස් කුට්ටියකට ලෑස්ති වීමක් විතරයි.

Tagged : / / / / /