කෝච්චි ගමන් එපා විය

Share

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙ අපූරු දුම්බීම තහහම් පුවරුවක් සවිකරල කියල එම දුම්රිය ස්ථානයේ අපේ හිතවත් නලින් අබේසිංහ ස්ථානාධිපතිතුමා යකඩ යකා සමූහයේ පළකරල තිබුණ ඡායාරූපයක්. ඒකට ආපු ප්‍රතිචාර දැකලයි මේක ලියන්න හිතුනේ.

mlv
මේ තියෙන්නෙ ඒ පුවරුව. © නලින් අබේසිංහ

ඔය පුවරුවේ German, French කෙසේ වෙතත් දෙමළයි හින්දියි තිබුණ නං තමයි වටින්නෙ…. කොහොම වුණත් කුණු දාන එකටත් මේ වගේ පුවරුවක් දැම්ම නං හරි. එකෙ නං දෙමළ, සිංහල, හින්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕන…

හැබැයි ඔය මොනව ගැහුවත් වැඩක් නෑ, හැබැයි ඔය මොනව වුණත් පෙන්නල කිව්වත් වැඩක් නෑ දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ බොරුවට රඟපාන උන් එක්ක. සමහර දෙමළ අය ඉන්නව ඔය බොරුව තදින්ම කරන. නිදාගෙන ඉන්න උන්ව අහරවන්න පුළුවන්, බොරුවට නිදාගෙන ඉන්න උන් අහරවන්න බෑ කියනවනේ.

අප්‍රසන්න අත්දැකීමක්

ඔය අතරෙ පහුගිය සතියෙ මම ගියා තනියම උඩරට චාරිකාවක්. මුල් වරට උඩරට චාරිකාවක් තනියම ආවට පස්සෙ හැම අවුරුද්දක් පාසාම තනිවම දුම්රිය චාරිකාවක් යන එක පුරුද්දකට ගිහින් තිබුණා. නමුත් මෙවර බොහොම අප්‍රසන්න අද්දැකීමට මුහුණ දෙන්න සිදු වුනේ. අන් සැමදාම පෙර වරට වඩා වැඩි සතුටකින් ගමන නිමා කළත්. මෙවර බෙහොම කළකිරීමකිනුයි ගමන නිමා කරන්න සිද්ධ වුනේ.

දුම්රියේ ගමන් කරන අයගේ හැසිරීම තමයි මේකට හේතුව වුනේ.

මම ගිය සඳුදා රාත්‍රියේයි ගමන ආරම්භ කලේ. සුපුරුදු පරිදි බදුල්ල බලා යන රාත්‍රී තැපැල් තැපැල් දුම්රිය මගේ ගමන් සගයා වුනේ. සතියේ දවසක් නිසා සෙනඟ හිටියේම නැති තරම්. හැල්මේ ආ දුම්රිය රඹුක්කනට එපිටින් ගමනේ සුන්දර ඉසව්වට ළඟාවන වන විට මැදිරියේ තුන්කාලක් පමණ සෙනඟක් පමණයි ඉතිරිව හිටියේ. මගේ යාබද අසුනේ සිටි මහත්මයා බැස ගිය අතර ඉදිරිපස අසුනේ සිටියේ එක් මැර පෙනුමැති දෙමළ තරුණයෙක් පමණයි. ඔහු ඔහුගේ අසුනේ වැතිරී නිදාගත්තා පමණක් නොව කකුල් මගේ අසුන මත තබාගෙන නිදන්නට වුණා. ඔහුගේ අප්‍රසන්න කකුල මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමින් තිබුණෙන් මම තවත් ජනේලය දෙසට හේත්තු වුණා.

ඉවසන්න බැරි තැන

වෙනදාට රාත්‍රී ගමන් යද්දී හැටන් – තලවකැලේ ප්‍රදේශයට එනතුරු පා පුවරුවට නෙඑන මා අවසානයේ මම පා පුවරුවට ගියේ ඉවසා සිටීමට නොහැකිම තැනයි. වාසනාවට මෙන් ඒ වන විට දුම්රිය නාවලපිටිය පසුකර තිබුණා. ඒ නිසා පාපුවරුවේ ගමන් කිරීම එතරම් අමිහිරි අත්දැකීමක් වුනේ නෑ. පෝය පසු වී දින දෙක තුනක් පමණක් නිසා සඳ එළියෙන් මුළු ප්‍රදේශයම නැහැවී තිබීම හරිම චමත්කාර ජනක චිත්‍රයක් මවා තිබුණා.

කොහොම නමුත් අර අර පුද්ගලයා වටගොඩින් බැසගත් නමුත් තවත් වයස්ගත දෙමළ කාන්තාවක් මා සිටි පැත්තෙන් වාඩි වී මුළු අසනය පුරාම නිදාගන්නට වුණා. තවත් ආසන ඉතුරුව තිබුණු නිසා ඇයට සිටින්නට දී මම නැවතත් පා පුවරුවට ගියා. දැඩි සීතලක් නොතිබූ නිසා දිගටම පාපුවරුවේ සිටි මා අවසානයේ දෙමෝදරින් බැස ගත්තේ බදුල්ලටම ගියත් පොඩි මැණිකේ දුම්රියට වැඩි වෙලාවක් නැති නිසා නගරයට ගොස් ඒමටවත් වෙලාවක් නැති වෙතැයි සිතූ නිසාවෙන්.

දෙමෝදර කළු පාලම
දෙමෝදර කළු පාලම

දෙමෝදරින් බැස උදෑසන කෑමට යමක් සෙවීමට උත්සාහ කළත් දෙමෝදර වූ ආපන ශාලා වල උදෑසන ආහාර තිබුණේ නැහැ. ඒ නිසා බිස්කට් පැකට්ටුවකින් කුසගින්න නිවාගත් මම දුමරිය ස්ථානයට පහළින් ඇති බිංගෙය සහ කළුපාලම නැරඹීමට ගොස් නැවත පැමිණි මම මඳ වෙලාවකින් පැමිණි පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹ බලා පිටත් වුණෙමි.

ආපසු එනගමන්

එන ගමන්

බණ්ඩාරවෙලට පැමිණෙන තුරු තුන්වන පන්තියේ මැදිරියේ ආසන පිරී නොතිබුණ අතර තැනින් තැන විදේශිකයින් හා ලාංකිකයින් සිටිනු දක්නට ලැබුණා. ඇල්ලේදී තරුණ දෙමළ පවුලක් මා සිටි අසුනේ අසුන් ගත් අතර ඔවුන්ගෙන් කරදරයක් තිබුණේ නැහැ. නමුත් ඉදිරිපස අසුනේ අසුන් ගත් දෙමළ පිරිස නම් එසේ වූයේ නැහැ.

ඔවුන් විටින් ටික විවිධ ආහාර ගත් අතර ඒවා ඔතා තිබූ පොලිතින් මළු ප්ලාස්ටික් භාජන ජනෙල් කවුළුවෙන් එළියට විසි කළේ ජනේලය අයිනේ සිටි මගේ මුහුණ ළඟින් යන ලෙසින්. හරියට තරහක් පිරිමහන්නට මෙන්. පොලිතින් ප්ලාස්ටික් පරිසරයට මේ අයුරින් බැහැර කිරීම වැරදි බව නොදැන නෙවෙයි මොවුන් මෙසේ කරන්නේ.

වැරදි ආකල්ප

මම මෙතනදි කියන්නෙ නෑ සිංහල අය මෙවැනි දෑ නොකරනවයි කියල. ඒ වගේ දෙමළ අය සියල්ලමත් කරන්නෙත් නෑ. ඒත් ඔවුන් බහුතරයකගෙ ආකල්ප ගොඩක් වෙනස්. දුම්රිය භාවිතා කරන ආකාරයත් ඒ වගේමයි. මේවා පොදු දේපළ, මේවා රකින්න ඕනයි කියන ආකල්පය ඔවුන් තුළ නෑ. මේවා අපේ (ඒ අයගෙ) නෙවෙයි ඒ නිසා ඒවා විනාස කරන්න ඕන ඒ වගේ ආකල්පෙක ඉන්නෙ.

මම ඔය කියපු දේවල් නිකමට හිතට ආවට කියපු දේවල් නෙවෙයි ඊයෙ පෙරේද උඩහ ගිහින් එද්දි දරුණු ලෙසම අත්දැකපු දෙයක් මම ඔය කිව්වෙ. මට ගමන සහමුලින්ම එපා වුණා මේ අයගෙ හැසිරීම නිසා.

ඊළඟට හැටන් වලින් නැංග පිරිස ඊටත් අන්තයි. කලින් සිටි පිරිස තලවාකැලෙන් බැස ගියාට පසු ඒ ආසන වලට ආවෙ මේ අය. ඔවුන් බලාගෙන හිටයේ මාව එළවගන්න. මම එනත හිටපු එක මම කරපු වැරැද්දක් වගෙයි ඒ අය හැසිරුනේ. මගේ අඟේ වදින අයුරින් අතපය හැසිරවන්න ගත්තේ. ඔවුන් සතු බෑග් ආදිය සිල්ල ඉදිරිපස මේසය මත තබාගත්තේ මට අතවත් තියන්න ඉඩක් ඉතුරු නොකර.

එපා වෙලා

මොවුන්ගේ invasive ගතිය දැන් ඉස්සරට වඩා වැඩියි. ඉස්සරහ සීට් එකේ කකුල තියාගෙන අපේ ඇඟෙත් කකුල වදින ගානට තියාගෙන යන්නෙ. පස්සෙ මට එපා වෙලා ඕන දෙයක් කරගන්න කියල ෆුට් බෝඩ් එකට ගියා. පැය ගාණක් එකදිගට හිටගෙන ඇවිත් කකුල් පණ නැති වෙන ගාණට තිබුණත් කොළඹට එනකන් ෆුට් බෝඩ් එකේ ආවෙ.

මේක දිගට ලිව්වෙත් ඒ කළකිරීම උඩ. මම ආයෙත් උඩරට ගමන් යයි. ඒත් ළඟකදි නෙවෙයි. බොහෝ විට දෙවන පන්තියෙ ආසනයක් වෙන්කරගෙන වගේ තමයි ඊළඟට යන්නෙ. ඒත් මේක සාධාරණද බලන්න. ඉපදුන රටේ බහුතරය වෙලත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මෙහෙම. උන්ගෙ ආච්චිලගෙ සහජීවනේ…. @#$%^&*